අපි පාවිච්චි කරන ඇඳුම්වල, අප පාවිච්චි කරන දුරකථනවල සහ අප විසින් මිලදී ගන්නා ආහාර පාන මත, සහ අප වටා ඇති සෑම දෙයකම පාහේ විවිධ වර්ගයේ Logos දක්නට ලැබෙන බව අපි කවුරුත් හොඳින් දන්නවා.

සමහර ලාංඡන ඉතාමත් සරලයි. ඒවායේ අකුරක් හෝ රූපමය නියෝජනයක් පමණක් දක්නට ලැබන නමුත් සමහර ඒවා වඩාත් සංකීර්ණයි. ඒ වගේම සරළ logo එකක් පිටුපස විශාල කතාවක් තිබෙන අවස්ථා ද දකින්නට ලැබෙනවා.

අපගෙන් බොහෝ දෙනෙක් මෙම ලාංඡන ගැන හොදින් දැන හැදින ගෙන තිබුනත් ඒවායෙන් අදහස් කර ඇති අර්ථයන් සෑම දෙනෙකුටම නොවැටහේ. මේවා අපගේ ප්‍රියතම වෙළඳ නාමයන් වුවත් අප නොදන්නා බොහොමයක් අර්ථයන් මේ ප්‍රසිද්ධ සංකේත පිටුපස සැඟවී ඇත.

මේ, ඒ පිලිබඳව පිළිබඳව TechNews.LK පාඨකයින් දැනුවත් කිරීමට කරනු ලබන උත්සාහයක් වන අතර මෙහිදී අදාල Logos පිටුපස සැගවී ඇති රස කතා, අමුතු කතා, ඔබ නොදන්න කතා පිලිබඳව දැනුවත් කිරීමට බළාපොරොත්තු වෙනවා.

Beats
Beats

Dr. Dre ගේ Beats Company එක සඳහා පවතින ලාංඡනයත් ඉතා සරලයි. ( 2014 න් පසු මෙම සමාගම Apple විසින් $3 Billion කට මිලදී ගැනීමට කටයුතු කරනවා.) 'b' යන වෙළඳ නාමයෙන් පැමිණි අකුර පසුව රවුම් කර තිබේ. කෙසේවෙතත්, රවුම යනු කවයක් පමණක් නොවේ. එය සැබවින්ම මිනිසෙකුගේ හිසක් වන අතර, 'b' අකුර මගින් beats හෙඩ්ෆෝන් නියෝජනය කරයි.

මේ මිනිස් හිස මත පැළඳි beats headphone එකෙහි අදහස වන්නේ තම ගණුදෙනුකාරයෙකුගේ පෙනුම බව, ඒ කියන්නේ තමන් beats headset එකක පැළඳ සිටින ආකාරය පාරිබෝගිකයාට දැකගැනීමට හැකියාව ලැබෙන බවයි.


Cisco

අන්තර්ජාලය සඳහා "ජාලකරණය" පිළිබඳ ලෝක ව්‍යාප්ත ප්‍රමුඛයා වන්නේ, සිස්කෝ සමාගමයි. මෙහි මූලස්ථානය සැන් ෆ්රැන්සිස්කෝහි පිහිටා තිබේ. මෙහි වෙළඳ නාමය නිර්මාණය වී තිබෙන්නේ San Francisco කියන නමෙහි ‍අවසන් කොටස වන cisco කියන කොටස සමඟින් බව දැනගන්නට ලැබෙනවා.

මෙහි නමෙහි වෙනත් සැඟවුණු අර්ථයක් නොමැති නමුත්, ලාංඡනයේ ඉහලින් ඇති නිල් පාට කොටසින් විද්‍යුත් චුම්භක තරංග පමණක් නොව, San Francisco නගරයේ ඇති ගෝල්ඩන් ගේට් පාලමද නිරූපණය කරයි.


NBC

NBC හි ලාංඡනයේ සැඟවුණු අර්ථ දෙකක් තිබේ. එහි හැඩය මොණරෙක් කියලා පැහැදිලියි, ඒත් ඇයි? මෙම ලාංඡනය වර්ණ රූපවාහිනියට හඳුන්වා දීමේදී (දේදුන්නේ වර්ණ පැහැදිලි කිරීම) සහ සමාගමට කළු හා සුදු රූපවාහිනී අයිතිකරුවන් මේ වර්ණ රූපවාහිනී වෙතට මාරු කිරීමට පෙළඹවීමක් වශයෙන් යොදාගනු ලැබිණ.

ඉතින්, ඔවුහු සාමාන්‍ය පදයක් සමග (ඒ මොහොතේ දී) , " මොණරෙකු ලෙස ආඩම්බරයට වෙමින් " යන අදහස ඇතිව, ඔවුන්ගේ නව වර්ණ සංදර්ශන ක්‍රියාවලිය ගැන ආඩම්බර වන බව ප්‍රකාශයට පත් කරන ලද අතර මෙහි පිහාටු වල විවිධ වර්ණ හයක් මගින් NBC හි විවිධ අංශයන් නියෝජනය කරයි.


Amazon

Amazon යනු online සාප්පු සවාරි වල මහගෙදර වශයෙන් සැළකිය හැකි ආයතනයක් වන අතර ඔවුන්ගේ ලාංඡනයෙන්ද එය මනාව පිළිබිඹු කරයි. ඔවුන්ගේ කහ පැහැති ඊතලය "a" අක්ෂරයෙන් ආරම්භ වන අතර, "z" යන අකුරින් එය අවසන් වේ.

එයින් අදහස් වෙන්නේ Amazon එකේ A to Z වෙනකන් ඕනිම දෙයක් විකුණන්න තියෙනවා කියලා. මීට අමතරව ඊතලය මගින් සිනහවක් ද පිළිබිඹු කරන අතර, එම සිනහවෙන් තම පාරිභෝගිකයන්, Amazon සමඟ වෙළඳාමේ යෙදෙන විට සතුටට පත්වන බව හගවයි. 😊

Baskin Robbins

මේ Logo එකේ අර්ථයනම් මරු. Baskin Robbins ලොව පුරාම ප්‍රසිද්ධියට පත් වෙලා තියෙන්නේ එයාලා අලෙවි කරන Ice Cream වල තිබෙන flavors වර්ග ගණන නිසා බව අපි කවුරුත් දන්නවා.

ඉතින් Logo එක මැද අකුරු වල තිබෙන රෝසපාට කොටස දිහා බලන්න. 31 කියලා දකින්න ඇතිනෙ. 31න් අදහස් වෙන්නෙ Baskin Robbins සමාගමෙන් Ice Cream, රස 31 කින් ගන්න පුලුවන් කියලා. 😋🍦


Picasa

Picasa, Google සමාගම විසින් හඳුන්වා දුන් image organize කිරීම සහ edit කිරීමට භාවිතා කළ සේවාව වන අතර සිත් ඇදගන්නා ලාංඡනයක් එයට ඇත. මුලින්ම බැලූ බැල්මට එය සරල කැමරාවක Shutter එකක් සේ පෙනෙයි. නමුත් ෂටරයේ මධ්‍යයේ ඇති හිස් පෙදෙස ඇත්ත වශයෙන්ම "නිවසක්" නිරූපණය කරනු ලබයි.

මින් අදහස් වන්නේ Picasa යනු ඔබගේ සියලු ඡායාරූප සඳහා "නිවසක්" ලෙස සලකනු ලබන බව වන අතරම, ස්පාඤ්ඤ භාෂාවෙන් Casa යනු නිවසයි.

Le Tour De France

Tour De France හි Logo හි එහි සඟවා ඇති පණිවිඩ දෙකක් දක්නට ලැබේ. පළමුවැන්න වන්නේ "r" අකුරින් පාපැදිකරුවෙකු පෙන්නුම් කරන අතර, දෙවැන්න මගින් එය තව දුරටත් සනාථ වේ.
කහ පැහැති රෝදය "පාපැදි රෝදය" ලෙස ක්‍රියා කරන අතරම සූර්යයාව ද නිරූපණය කරයි, සූර්යයා මගින් දහවල් කාලයේ දී පමණක් තරඟ ඉසව් සිදුවන බව නිරූපණය කරයි.


BMW

BMW ලාංඡන වර්ණයෙන් නිල් සහ සුදු පැහැති පසුබිමින් Bavarian කොඩියේ වර්ණ නිරූපණය කරයි. ඔවුන්ගේ ලාංඡනය ව්‍යුත්පන්න වී ඇත්තේ Rapp Motor Works’ ලාංඡනයට ඉතාම සමාන ලෙසය.

මේ කතාව ගැන ගොඩක් අය වැරදියට තමයි හිතාගෙන ඉඳලා තියෙන්නේ. BMW සමාගම කලින් නිපදවලා තිබුනේ ගුවන් යානා නිසා ගොඩක් අය හිතුවේ මැද තියෙන නිල්පාට කොටසින් අදහස් කරන්නෙ ගුවන් යානාවල තියෙන කැරකෙන බඹරය කියලා. ඒත් ඇත්තම කතාව කිව්වොත් මැද්දෙ තියෙන කොටසින් අදහස් කරන්නෙ චෙස් බෝඩ් එකක පෙනුමක් තියෙන බ්‍රැවේරියානු කොඩිය. (Bavarian Flag)


LG

LG සමාගම ලෝකය පුරා මිනිසුන් අතර පිළිගැනීමට ලක්ව ඇත්තේ ඔවුන්ගේ Logo එක මත ඇති 'L' සහ 'G' යන සලකුණ මගිනි. කෙසේ වෙතත්, බොහෝ මිනිසුන් තේරුම් නොගත්ත කරුණ වන්නේ ඇත්තට ම එම අකුරු යොදා ගෙන ඇත්තේ මුහුණක් නිර්මාණය කිරීමට බවයි. 😊

'L' මගින් නාසයත්, 'G' මගින් මුහුණේ ඉතිරි කොටසත් නිරූපණය කරයි. මෙමගින් සන්නාමයට නව අංගයක් ලබා දෙයි, එනම් එම නිෂ්පාදනවල වඩාත් ආකර්ෂණීය බව හා නව ප්‍රවේශයයි. 😀


FedEx

FedEx යනු ඉතාම ජනප්‍රිය Shipping සමාගමක් වන අතර, එම ලාංඡනය ඔවුන්ගේ සෑම ට්‍රක් රථයකම සහ සෑම ගුවන් යානාවකම අලවා ඇත. 🚛 ✈️ 🚢

හොඳට බලන්න “E” අකුරයි “X” අකුරයි දිහා. බැලුවම පේනවා එතන ඊතලයක් තියෙනවා කියලා. ඊතලයෙන් අදහස් කරන්නෙ වේගය සහ නිවැරදි බවයි.

වේගය සහ නිවැරදි බව කියන්නෙ FedEx සමාගමේ තියෙන Guidelines වලින් එකක්. FedEx කියන්නෙ ලෝකප්‍රසිද්ධ Courier Delivery Services එකක් කියලා දන්නවා ඇතිනේ. 👌


Unilever

Unilever මගින් විශාල නිෂ්පාදන ප්‍රමාණයක් සිදු කරන අතරම, එම නිෂ්පාදන Unilever සමාගමට අයත් බව සංකේතවත් කරමින් විවිධ අයිකන චිත්‍ර මගින් "U" අකුර නිර්මාණය කර එම නිෂ්පාදන මත එය යොදා ඇති බවක් දක්නට ලැබේ.

ඔවුන් විවිධ පැතිවල නිෂ්පාදන සිදු කරන බවත්, ඒ අත්දැකීම විනෝදජනක ක්‍රමයක් මගින් නරඹන්නාට ඒත්තු ගැන්වීමට මෙම logo එක භාවිතා කර තිබෙන අතර මෙමගින් නරඹන්නාට ඒ අතරට එකතු කිරීමට යමක් ලබා දෙන බව හගවයි.


Toyota

Toyota හි වර්තමාන ලාංඡනය 1990 පමණ සිට පැමිණේ. මෙම ජනප්‍රිය මෝටර්රථ නිශ්පාදකයාගේ අතිරේක නියාමයන් තුනක්, මගින් ටොයොටා පාරිභෝගිකයින්ගේ සහ ටොයොටා නිෂ්පාදනවල හදවත් ඒකාබද්ධ කිරීම සංකේතවත් කරයි.

පසුබිමෙහි ඇති හිස් ඉඩ ප්‍රමාණය මගින් ඔවුන්ගේ තාක්ෂණික දියුණුව හා ඉදිරියේ ඇති අනාගතය නියෝජනය කරයි. 🚘


Audi

Audi Logo එකනම් අමතක වෙන්නෙ නැතුව ඇතිනෙ කාටවත්ම. ජර්මනියේ පළවෙනියටම මෝටර් රථ නිපදවන්නන් වුනේ Audi, DKW, Wanderer සහ Horch කියන සමාගම් හතරයි.

ඉතින් මේ සමාගම් හතරම එකතුවෙලා තමයි පස්සෙ කාලෙක (1932 දී) Audi විදිහට එලියට එන්නේ. සමාගම් හතර මතක් කරන්න තමයි මෙහෙම රවුම් හතරක් තියෙන්නේ.


Apple

Apple සමාගමේ logo එක අපි හැමෝටම ගොඩක් හුරු පුරුදු එකක් වුණත් හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි මේ ඇපල් ගෙඩියෙ කෑල්ලක් කාලා තියෙන්නෙ ඇයි කියලා. 😅

මේ logo එක වටා ගෙතුණු කතා කිහිපයක් තිබෙනවා. කවුරුත් දන්නවා ඇතිනේ Alan Turing කියන්නේ නූතන පරිගණකයේ පියා කියලා. ඉතින් මෙයා සමලිංගික සේවනයේ යෙදුනු කෙනෙක් නිසා ඇති වුණු ප්‍රශ්න නිසාවෙන් 1954 දී Cyanide යොදන ලද ඇපල් ගෙඩියක් භාවිතා කරමින් සියදිවි හානි කරගන්නවා.

මේ හේතුව නිසාවෙන් වගේම Alan Turing විසින් මේ පරිගණක ක්ෂේත්‍රයට සිදු කළ මෙහෙවර වෙනුවෙන් මේ විදිහට Apple Logo එකට Apple ගෙඩියක් සහ Turing විසින් කොටසක් අනුභව කර තිබීම නිසා මෙයින් කොටසක් ඉවත් කළ බවත් හැමදෙනාම විශ්වාස කරනවා.

කොහොම නමුත් ලෝකප්‍රසිද්ධ ඇපල් සමාගමේ Logo එක Design කරලා තියෙන්නෙ Rob Janoff විසින්. මොහු පසුව ප්‍රකාශ කර තිබෙන අන්දමට මේ logo එක design කරන විට ඔහු මේ කතාව ගැන දැනගෙන ඉඳලා නැහැ.

ඒ වගේම Bible එකේ සඳහන් වෙන ආදම් සහ ඊව් ගේ කතාවත් මෙයට සම්බන්ධ නැති බව තමයි ඔහු ප්‍රකාශ කරන්නේ.

ඇපල් ගෙඩියේ හැඩය චෙරි ගෙඩියක් වගේ පෙනෙන එක වැලැක්වීමට වගේම, හපනවාට ඉංග්‍රීසියෙන් කියන්නෙ “Bite” කියලනේ. ඉතින් “Bite” එක “Byte” වගේ ඇහෙන නිසා මේ විදිහට කලා කියලා තමයි කියන්නේ.


Google

මීට කලින් හිතුනෙ නැද්ද Google වගේ ලෝකෙම අල්ලපු Company එකක Logo එක හරිම Simple කියලා. ලෝකෙම අල්ලපු ගොඩක් සමාගම්වල Logos එහෙම තමයි. සරළ බව අදහස් කරන්නයි එහෙම කරන්නේ.

අනිත් කාරණය තමයි අකුරුවල පාට. ප්‍රාථමික වර්ණයකින් පටන් අරන් අන්තිමට “l” අකුරෙන් කොළ පාට ඇතුලත් කරලා ප්‍රාථමික වර්ණ කියන රාමුවෙන් පිටට පනිනවා. (ප්‍රාථමික වර්ණ, ද්විතීයික වර්ණ ගැන දැනගන්න වහාම ඒක Google එකෙන්ම Search කරලා බළන්න.) මේකෙන් අදහස් කරන්නෙ Google සමාගම නීතිවලට කො‍ටුවෙලා ඉන්න සමාගමක් නෙමෙයි කියලා.

Gillette

මූලිකව Razor නිෂ්පාදනය සඳහා ප්‍රසිද්ධ සමාගමක් වන Gillette ඔවුන්ගේ ලාංඡනය සමඟ රේසරයේ ඇති තියුණු අලංකාරය හැඟවීමට උත්සාහ කරනවා. මීට අමතර ව 'G' සහ 'i' වල කැපීම් වෙනස් ආකාරයට සහ ප්‍රවේශමෙන් සිදු කර තිබෙන්නේ ඉතාමත් තියුණු Gillette Blade වලින් බව ඔවුන් අරථවත් කරනවා.


Adidas

Adidas යනු ජනප්‍රිය ක්‍රීඩා, ඇඟලුම් හා සපත්තු නිෂ්පාදන සමාගමකි. තීරු තුනක්, සෑම විටම ඔවුන්ගේ ලාංඡනයේ කොටසක් බවට පත් වී ඇති නමුත් ඒවායේ වඩාත්ම මෑතකාලීන පෙනුමට අනුව, එම හැඩය කන්දක් මෙන් දිස් වේ.

මෙමගින් කඳුකරයක් නියෝජනය කරන අතර ඉදිරියට පැමිණෙන අභියෝග සහ බාධාවන්ට මුහුණ දෙන අයුරු හා ජය ගන්නා අයුරු අදහස් වී ඇත.

IBM

IBM හි ප්‍රසිද්ධ ලාංඡනය ගෝලීය වශයෙන් පිළිගැනීමට ලක්ව ඇත. සියළුම අකුරු හරහා ගමන් කරන සුදු ඉරි, අකුරු සියල්ලෙහිම සෑම කොටසමක සමාන ලෙස පැතිරී පැවතීමෙන් අදහස් කරනුයේ සියළුම දෙනා හට සමාන ලෙස සළකනු ලබන බව අදහස් කරනු ලබනවා.


COCA - COLA

මූලිකව මෙම logo එක design කරනු ලැබුවේ Frank M Robinson ගේ අදහසකට අනුව වන අතර පැරණි Spencerian script කියන style එක අනුව මෙය නිර්මාණය කර තිබෙනවා.

Coca-Cola, Logo එකේ “O” අකුර දිහා හොඳට බලන්න. ඩෙන්මාක් කොඩිය තමයි ඒ තියෙන්නෙ. ලෝකයේ සතුටින්ම ඉන්න රට විදිහට හදුන්වන්නෙ ඩෙන්මාකය. Coca-Cola බිව්වමත් එහෙම සතුටක් ලැබෙනවාද?🤔 දන්නෑ ඉතින් බොන අය කියන්නකෝ බලන්න!


MERCEDES BENZ

Mercedes Benz සමාගමේ එකේ තියෙන දාර සහිත Polish කරපු පෙනුමෙන් අදහස් කරන්නේ සමාගම සතුව තමන්ගේ නිෂ්පාදනයන් ගැන තියෙන විශ්වාසයයි.

ඒ වගේම ලක්ෂ 3ක් සහිත තරුවෙන් අදහස් කරන්නෙ ගොඩබිම, ජලය සහ අහස කියන පරිසර 3හි දීම තමන්ගේ සමාගමේ නිෂ්පාදන උසස් බවින් යුක්තයි කියන අදහසයි.


මුලු ලෝකයෙහි ම ප්‍රසිද්ධ ලාංඡන නැත්නම් Logo හදල තියෙන්නෙ එසේ මෙසේ විදිහට නෙමෙයි. අපි දකින, දැකලා තියෙන ඒ වගේ හැමදෙයකම මොකක්හරි ගැඹුරු අර්ථයක් තියෙනවා. 💡

ලෝකෙම ප්‍රසිද්ධ වෙන්න ඉතින් ලේසි නැහැනේ. ඔයා Logos, Symbols හදන Graphics Designer කෙනෙක්නම් එහෙම මේ ගැන අනිවාර්යයෙන් හිතන්න ඕනි. 🤔හදන Logo එක නිකන්ම හදනවට වඩා හොඳ ගැඹුරු අර්ථවත් එකක් නම් ඒකට ලැබෙන වටිනාකම වැඩියි.

සමහර විට මේ ගැන මීට වඩා දේවල් ඔයා දන්නවා වෙන්නත් පුළුවන්. ඉතින් ඔයා දන්න කරුණු තියනවා නම් හෝ මේ ගැන ප්‍රශ්න තියනවා නම් ඒ ගැන අපේ Community එකට ඇවිත් කියන්නත් අමතක කරන්න එපා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා Canva වෙබ් අඩවිය හා Medium වෙබ් අඩවිය භාවිතා කළ හැක.