දිනකට ඔබ අන්තර්ජාලයේ ඇති විවිධ වෙබ් අඩවි භාවිතා කරනවා ඇති. ඒ වගේම ඒවාගෙන් ලබා දෙන පහසුකම් බොහෝ අවස්ථාවල ගෙවීමකින් තොරව භාවිතා කරනවත් ඇති. ඒ වගේම ගෙවීමක් කරලා භාවිතා කරන අවස්ථාත් ඇති.

ඉතින් ඔයා කවදා හරි දවසක හිතුවද, කොහොමද මේ වගේ සේවාවන් නොමිලයේ සපයන්නේ, එයාල කොහොමද මුදල් උපයන්නේ කියන එක ගැන. ඉතින් මේක වෙබ් අඩවියේ වර්ගය අනුව වෙනස් වෙනවා. ඒ වගේම පොදු දේවලුත් තියෙනවා.

මේ අතර කිසිදු ලාභයක් බලාපොරොත්තු නොවී පවත්වාගෙන යන වෙබ් අඩවිත් නැතුවම නෙමෙයි. ඉතින් අද අපි මේ ලිපියෙන් බලමු මේ වගේ අපට පහසුවෙන් භාවිතා කරන්න පුලුවන් වගේම, බහුලව දකින්න ලැබෙන වෙබ් අඩවි හරහා මුදල් උපයන්න පුලුවන් ක්‍රම කිහිපයක් ගැන.

වෙළඳ දැන්වීම් ප්‍රචාරය මගින්

Pay Per Click Advertising, එහෙමත් නැත්නම් වෙළඳ දැන්විම් ප්‍රචාරය කියල කියන්නේ බොහෝ වෙබ් අඩවි වල දකින්න ලැබෙන ගොඩක් ජනප්‍රිය ක්‍රමයක් ලෙස පෙන්වා දෙන්න පුලුවන්. මෙතනදි සරලව ම වෙන්නේ අතරමැදියෙක් හරහා ඔයාගෙ යම් කිසි Product එකක් ජනතාව අතරට යවනවට ඔයාට මුදල් ලබා දීමක් සිදු කරන එක. මෙතනදි අතරමැදියා විදිහට ක්‍රියාකරන්නේ Ad network එකක්.

සරලවම කිව්වොත් මෙතනදි වෙන්නෙ මෙහෙම දෙයක්. අපි උදාහරණයක් විදිහට හිතමු මම හදනවා Computers online order කරන්න පුළුවන් වෙබ් සයිට් එකක්. මට අවශ්‍ය වෙනවා මේ වෙබ්සයිට් එක ගැන වැඩි පිරිසක් දැනුවත් කරන්න. ඉතින් මට පුළුවන් Ad network එකක් හරහා මගේ වෙබ්සයිට් එක ගැන දැන්වීමක් පල කරලා මට අවශ්‍ය දේ කරගන්න.

ඒ වගේම ඒකට සැලකිය යුතු මුදලක් වියදම් කිරීමටත් මට සිදුවෙනවා. දැනට ලෝකයේ Ad networks විශාල ප්‍රමාණයක් තියෙනවා. මේ අතරින් වඩාත් ජනප්‍රිය Ad network එකක් තමයි Google සමාගම විසින් සපයන Google Ads.

ඉතින් මට පුලුවන් මම කැමති ad network එකක් සමග සම්බන්ධ වෙලා, මට අවශ්‍ය දේ ගැන එයාලව දැනුවත් කරලා, ඒ අවශ්‍ය වන මුදල ගෙවන්න. ඉන්පසු Ad Network එක විසින් ඒ අදාල Ad එක ඔවුන්ගේ Network එකේ Register වෙලා තියෙන අනෙකුත් වෙබ්සයිට් වල පෙන්වනවා.

උදාහරණයක් විදිහට මම දැන් දුන්නේ මගේ Online Computer Shop එක ගැන Ad එකක් නිසා ගොඩක් වෙලාවට ඒක හොඳ Ad network එකක් නම් ඒ Ad එක පෙන්වන්නේ ඒකට අදාල වෙබ් සයිට් වලයි. ඒ කියන්නේ මම දුන්න Ad එක පෙන්වන්නේ Computer parts, Gaming, Tech වගේ ඒ හා සම්බන්ධ සයිට් වල. එතකොට ඒ Ad එකෙන් ලැබෙන ප්‍රයෝජනය ඉහළයි. අපි මේකට කියනවා Targeted Advertising කියලා. මේක අපිට හරියට බලා ගන්න පුලුවන් Adsense වගේ ගොඩක් විශාල Ad networks වල.

කොහොම වුනත් Adsense සිංහල භාෂාවට ලබා දෙන්නේ නම් නෑ. ඒ නිසා ඔයාට සිද්ධ වෙනවා Adsense ගන්න අවශ්‍ය නම් English වැනි භාෂාවකින් වෙබ් අඩවිය හදන්න. ඒ වගේම මෙයාලගේ නීති වලට හරියට ගැලපෙන්න සයිට් එක හදන එකත් අත්‍යාවශ්‍යයි. ඒ මොකද මෙයාලගෙ නීති නම් ටිකක් තදයි.

ඉතින් ඔය විදිහට අදාල සයිට් එකේ Ad පෙන්වපු පළියට කවදාවත් අදාල වෙබ් සයිට් එක අයිති පුද්ගලයා එකපාරට පොහොසත් වෙන්නේ නෑ. එහෙම වෙන්න නම් එයාගෙ වෙබ් අඩවිය භාවිතා කරන පිරිස සැළකිය යුතු තරම් වැඩි වෙන්න ඕනෙ. ඒ වගේම තමයි වෙබ් අඩවියේ අයිතිකරුට ගෙවීම් සිද්ධ කරන්නේ අදාල Ad බලපු පිරිස හා Click කරපු ප්‍රමාණයට.

ඉතින් ඔයාලට තේරෙනවා ඇති මෙතනදි අතරමැදියා, ඒ කියන්නෙ Ad network එක මැදින් ඉදන් Advertiser ව හා Publisher එහෙමත් නැත්නම් අදාල වෙබ් අඩවි හිමිකාරයව එකතු කරල මුදලක් උපයන බව.

ඉතින් මෙතනදි ඔයාට හිතෙන්න පුලුවන් ඇයි අපි අතරමැදියෙක්ට මේ විදිහට සල්ලි ගෙවන්නේ කියලා. එතනදි දෙන්න පුලුවන් හොඳම උත්තරේ තමයි, අර කලින් කිව්ව විදිහට දොග‍ොල්ලන්ව එකතු කරන්නේ Ad network එකක් නිසා එතන කිසි වරදක් නැහැ. මොකද ගොඩක්ම ලොකු Website එකකට විතරයි පුලුවන් Advertiser ඉල්ලන මුලු Traffic එක නියමිත වෙලාවට දෙන්න. ඒ නිසා මේකට සමහර විට වෙබ් අඩවි කිපයක් අවශ්‍ය වෙන්න පුලුවන්.

ඉතින් ඒ කොහොම වුනත් ඔයා ලග හොද Fan base එකක් ඉන්නවා නම් ඔයාට පුලුවන් කෙලින්ම අදාල Product එක හිමි ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා එයාලගෙන් මුදල් අරගෙන එයාට අවශය Traffic එක ලබා දෙන්න. ඉතින් ඔයාල දැකලා ඇති ඒ වගේ සමහර සයිට් වල "Ad space Available" කියල තියෙනවා. ඉතින් Advertiser කෙනෙක්ට පුලුවන් මේ හරහා ගිහිල්ලා අදාල වෙබ් අඩවියේ කෙලින්ම Advertise කරන්න.

Affiliate Marketing මගින්

Affiliate Marketing කියලා කියන්නෙත් වෙබ් අඩවි හරහා මුදල් උපයන්න පුලුවන් ගොඩක්ම ජනප්‍රිය ක්‍රමවේද අතරින් එකක්. මෙතනදි කරන්නෙත් Advertise එකක්ම තමයි හැබැයි මෙතනදි අපි ඉස්සෙල්ල කතා කලා වගේ ඔයයි Advertising Company එකයි අතර අතරමැදියෙක් නෑ. ඒ වගේම Advertiser කෙනෙක් ඔයාව හොයාගෙන එන්නෙත් නෑ. ඔයාට කරන්න තියෙන්නේ Affiliate Support වෙබ් සයිට් එකක් තෝර ගෙන එයාල දීල තියෙන දේවල් වලින් අපිට කැමති දේ Promote කරන එක.

ඉතින් මෙතනදී ඒ ඒ වෙබ් අඩවියේ අරමුණ අනුව අපිට Promote කරන්න තියෙන දේවල් වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට ඔයා මේ වගේ Promote කරන්න‍ෙ Online Shopping Site එකක තියෙන Product වගේ දේවල් නම් ඔයාට පුලුවන් එයාල දීල තියෙන භාණ්ඩ අතරින් කැමති භාණ්ඩයක් ඔයාගෙ වෙබ් අඩවිය හරහා Promote කරන්න.

ඉතින් මෙතනදි නම් ඔයා තෝරගන්න Product එකට අදාලව ඔයාට Link එකක් ලබා දෙනවා. ඒ Link එක හරහා යම්කිසි කෙනෙක් ගියොත් හරි, ඒ Link එක භාවිතා කරලා අදාල Product එක මිල දී ගත්තොත් හරි ඔයාට යම් කිසි කොමිස් මුදලක් ලැබෙනවා. ඉතින් ඒ වගේම මේ විදියට ලබා දෙන මුදල ඒ ඒ සයිට් වලට අනුව වෙනස් වෙනවා.

ඒ වගේම තමයි, ඔයාට මේ විදිහට Promote කරන්න පුලුවන් Online Shopping Site වල තියෙන භාණ්ඩ විතරක්ම නෙමෙයි. ඔයා හරියට වෙබ් සයිට් එක දිහා බැලුවොත් ඉතින් මේ වගේ Affiliate Support කරන ඕන තරම් වෙබ් සයිට් හොයගන්න පුලුවන් වේවි.

ඔයාගෙම Product එකක් විකිණීම මගින්

මේ ක්‍රමවේදයත් දැන් ජනප්‍රිය වෙමින් පවතින ක්‍රමවේදයක්. මෙතනදි ඔයා කරන්නේ ඔයාගේ audience එකට කුමන හෝ ඔයාගේම product එකක් විකුණන එක. එතනදී ඔයාට පුලුවන් T-shirt එකක් නැත්නම් ඔයාගෙ වෙබ් අඩවියේ නම ගහපු වෙනත් මොකක් හරි දෙයක් ඔයාගෙ audience එකට විකුණන්න. ඒ වගේම ඔයාට පුලුවන් ඔයාtutorials වගේ දාන සයිට් එකක් නම් කරන්නේ, ඒ tutorials වලට අමතරව වැඩි විස්තර අඩංගු e-book විකුණන්න. එහෙමත් නැතිනම් CD එකක් නිර්මාණය කරල විකුණන්න වගේ දේවල්.

නැත්නම් හිතන්න ඔයා කරන්න‍ෙ ගෙවතු ව‍ගාව සම්බන්ධ වෙබ් අඩවියක් නම් ඔයාට පුලුවන් ඔයා විසින් නිර්මාණය කර ගත්තු පැළ ඔයාගෙ කියවන්නන් හට ලබා දෙන්න. ඔයාට හොද Fan base එකක් ඉන්නව‍ා නම් මේ හරහාත් විශාල වශයෙන් මුදල් උපයන්න පුලුවන්.

ඉතින් ඒ කිව්වෙ උදාහරණ කිහිපයක් විතරයි. දැන් ඔයාටත් පුලුවන් ඔයාගෙ වෙබ් අඩවියට ගැලපෙන විදිහට ඔයාගෙ ම Business Plan එකක් හදා ගන්න.

ඉතින් මේකත් අර මන් කිව්ව Affiliate Marketing හා Advertising යන දෙකටම ගන්න පුලුවන්. මෙතනදි ඔයාට පුලුවන් මොකක් හරි දෙයක් ගැන ලිපියක් ලියන කොට ඔයාට ඒකෙන් මුදල් උපයන්න පුලුවන් විදිහට පරිවර්තනය කර ගන්න.

මෙහෙම හිතන්නකො, ඔයා ලිපියක් ලියනවා"අතේ තියන මුදලට ගැලපෙන පරිගණකයක්" කියලා. එතකොට ඔයාට පුලුවන් ඔයා ලිපියේ ලියන පරිගණකය මිල දී ගන්න පුලුවන් තැනක් Affiliate Link එකක් විදිහට දාන්න. ඒ මගින් ඔයාට පුලුවන් ඔයාගෙ ලිපිය කියවලා, ඒකට කැමති හිතිලා, ඒ Product එක ගන්න අය හරහා මුදලක් උපයා ගන්න. ඒ වගේම ඔයාගෙ දක්ෂතාවය මත වැඩි වැඩියෙන් මෙයින් උපයන මුදල වැඩි කරගන්නත් පුලුවන්.

ඉතින් එහෙමත් නැත්නම් අර කලින් කිව්වා වගේ කෙලින්ම ඔයා වෙත Product owners ලව ගෙන්න ගෙන එයාලගෙ Product එක ගැන ලිපියක් ලියලා ඒ පාර්ශවයෙන් මුදල් ලබා ගන්නත් පුලුවන්.

Donation මගින්

ඔයාට Online මුදල් උපයන්න පුලුවන් තවත් ක්‍රමයක් තමයි, visitors ල ලබා දෙන donations. මේ ක්‍රමය හරහාත් ඔයාට සැළකිය යුුතු මුදලක් උපය ගන්න පුලුවන්.

මෙතනදි වෙන්නේ, හිතන්නකො ඔයාගෙ වෙබ් සයිට් එක බලන කෙනෙක් දැඩි සේ ඔයාගෙ ලිපි වලට ඇලුම් කරනවා කියලා. ඉතින් ඔයාට පුලුවන් ඒ අයගෙන් ඔයා එයාලට දෙන සේවාවට ඔයාට කැමති මුදලක් එකතු කරගන්න. මේ මුදල ඔයාට පුලුවන් මාසික ව, එහෙමත් නැතිනම් වාර්ශික ව, එහෙමත් නැත්නම් එක් වරකට පමණක් අය කරන්නත්.

මෙතනදි ඔයාට ලැබෙන මුදල වැඩි කරගන්න තවත් ක්‍රම භාවිතා කරන්නත් පුලුවන්. උදාහරණයක් විදිහට ඔයා පටන් ගන්නවා Patreon campaign එකක්. ඒ කියන්නේ ඔයාගෙ සයිට් එකට වැඩිපුරම කැමති අයට පුලුවන් මේ campaign එකට එකතු වෙන්න. ඉතින් මෙතනදි ඔයාට පුලුවන් මේකට එකතු වෙන අයට විශේෂ වරප්‍රසාද දෙන්න.

උදාහණයක් විදිහට ඔයාට පුලුවන් ඒ අයට ඔයා ලියන ලිපි වලට අමතරව වැඩි විස්තර ලබා දෙන්න. එහෙමත් නැත්නම් අලුතෙන් එන්න තියෙන ලිපි ගැන කලින් දැනුවත් කරන්න. එයාලගෙ අදහස් ඒ ලිපි වලට එකතු කරන්න. ඒ වගේම ඔයාට පුලුවන් එයාලට කෙලින්ම ලිපි Request කරන්න අවස්ථාව ලබා දෙන්නත්.

ඉතින් මේ වගේ විවිධ දීමනා මගින් ඔයාට පුලුවන් ඔයාගෙ Patreon ලා ගාන වැඩි කර ගන්න වගේම මාසිකව ලැබෙන ආදායමත් වැඩිකරගන්න.


ඉතින් මේ ලිපියෙන් ඔයාලට මම ගෙනාවේ මේ වන විට ලංකාව තුළ සාර්ථකව වෙබ් අඩවියක් හරහා මුදල් උපයන්න භාවිතා කරන්න පුලුවන් ක්‍රමවේද කිහිපයක් ගැන.

ඉතින් මෙතනදි සදහන් නොකරපු බොහෝ ක්‍රමවේද තියෙනවා වගේම ඔයාට පුලුවන් ඔයාටම Unique වෙච්ච ක්‍රමවේදයක් භාවිතා කරන්නත්. ඒ වගේම ‍ඒ දේවල් ගැන අපේ Facebook Community එකට ඇවිල්ලා කතා කරන්නත් ඔයාට පුලුවන්.