මේ වනවිට අපේ රට තුල ඇතිවී තිබෙන කලබලකාරී අවස්ථාවේදී ඔබේ දෙමව්පියන් සහෝදර සහෝදරියන් සහ ආදරණීයයන් ඔබ සිටිනා ස්ථානය දැනගැනීමට බොහෝවිට ඔවුන් දුරකථන ඇමතුමක් හෝ SMS පණිවිඩ මාර්ගය භාවිතා කරනවා.

ඒ කෙසේ වෙතත් දුරකථන ඇමතුම හෝ කෙටි පණිවිඩ වලට ප්‍රතිචාර දක්වමින් නිතරම ඒ වෙනුවෙන් අවධානය යොමු කරගෙන සිටීම ඉතාමත් කරදරකාරී ක්‍රියාවක් වන බව අමුතුවෙන් කිවයුතු නැහැ.

ඉතින් අප සිටින ස්ථානය ඔවුන්ට සජීවීව දැකගැනීමේ හැකියාව ලබාදිය හැකි ක්‍රමවේදයක් අපි එදිනෙදා භාවිත කරන WhatsApp හරහා ලබාදී තිබෙන අතර එය මේ අවස්ථාවේදී ප්‍රයෝජනවත් ලෙස භාවිතා කිරීමට ඔබට හැකියාව තිබෙනවා.

මේ සදහා ඔබ කල යුතු පියවර Android හා iOS මෙහෙයුම් පද්ධති වර්ගයන් දෙකටම පොදුවේ.

දැන් ඔබ සිටින ස්ථානය ඔබ මෙම පණිවිඩය යැවූ කෙනාට සජීවීව දැකගත හැකි අතර ඔබ ගමන් කරමින් සිටින්නේ නම් ඔබේ ස්ථානය සජීවීව යාවත්කාලින වෙමින් අදාල පුද්ගලයාට දර්ශනය වෙනවා.

එමෙන්ම ඔබට අවශ්‍ය ඕනෑම මොහොතක අදාල chat window එකට පැමිණ මෙම සේවාව ක්‍රියා විරහිත කිරීමටද හැකියාව පවතින අතර එසේ නොකළහොත් අදාල කාළසීමාව ඉකුත් වූ පසුව මෙය ස්ව්‍යංක්‍රීයවම ක්‍රියා විරහිත වෙනවා.


WhatsApp සේවාව වගේම Google Maps සේවාව හරහා ද මේ ආකාරයේම Live location sharing පහසුකම ලබා ගැනීමේ හැකියාව ලබා දී තිබෙනවා.

මේ දින වල WhatsApp වැනි සමාජ ජාල සේවාවන් අවහිර කර තිබුණත්, මේ Google Maps හරහා ලබා දෙන location sharing පහසුකම කිසිඳු බාධාවකින් තොරව භාවිතා කළ හැකි වෙනවා.


මේ ලිපිය හරහා අපි නිතරම භාවිතා කරන apps දෙකක් හරහා සජීවීව location එක share කරගන්නේ කොහොමද කියන කාරණය ගැන යම් තරමක හෝ අවබෝධයක් ලැබෙන්නට ඇති.

ඒ වගේම මේ ගැන මීට වඩා දේවල් ඔයාලත් දන්නවා ඇති. ඉතින් ඔයා දන්න කරුණු තියනවා නම් හෝ මේ ගැන ප්‍රශ්න තියනවා නම් ඒ ගැන අපේ Community එකට ඇවිත් කියන්නත් අමතක කරන්න එපා.