Google Takeout

ගොඩක් අය දන්නවත් ඇති මීට ටික කාලෙකට කලින් Google ලා අපි ගැන දන්න හැමදේම එක තැනකින් download කරගන්න පුළුවන් page එකක් හඳුන්වලා දුන්නා. දැනග‍ෙන හිටියේ නැති අය පහල link එකෙන් ගිහින් බලන්න.

Google Takeout

Google Activity Controls

ඒ වගේම ඔන්න දැන් අපිව track කරන තැන් හැම එකක්ම වගේ අපිට control කරන්න පුළුවන් විදිහට තවත් page එකක් අළුතින් හඳුන්වලා දීලා තියනවා. European General Data Protection Regulations (GDPR) ගැන පහුගිය මාස දෙක තුන ඇතුලත නිතරම වගේ අැහිල ඇති. අන්න ඒකට ගැලපෙන විදිහට තමන්ගේ services optimize කරන්න තමයි මෙයාලා මෙහෙම page එකක් හඳුන්වලා දීලා තියෙන්නේ. අපි web එකේ කරන දේවල්, location history එක, devices ගැන තියන තොරතුරු, YouTube එකේ history එක ඒ වගේම අපි Google Assistant වගේ එකක් හරහා යවන voice commands වගේ හැම දෙයක්ම මෙතනින් control කරන්න පුළුවන් වෙනවා.

මේ අපිව track කරන එක නවත්තන එක ඉතාමත් ලේසි වැඩක්. ඒත් ඒ හරහා සමහර Google services වලින් ඔයාට ලැබෙන experience එක වෙනස් වෙන්න පුළුවන්. මොකද ඔය data analyse කරලා තමයි ඒ ඒ තැන් වලදී ඔයාට ගැලපෙනම දේ තෝරලා දෙන්න Google එකට පුළුවන් වෙන්නේ.

Tracking off කරන විදිහ

  1. මුලින්ම Google's Activity Tracking page එකට යන්න
  2. දැන් ඔයාට පේනවා මොනවද එ් tracking categories කියලා. ඉතින් ඔයාට නවත්තන්න ඕන කරන හැම එකක්ම එකින් එක මෙතනින් නවත්තන්න පුළුවන්

උදාහරණයක් විදිහට ඔයාට Location history එක නවත්තන්න ඕන නම්, කරන්න තියෙන්නේ ඔය නිල් පාටින් තියන toggle එක click කරලා off කරලා එන confirmation message එකේ Pause කියන button එක click කරන්නයි.

Location History

ඔයා ඒක හරියට කලා නම් මෙන්න මේ වගේ අර නිල් පාට toglle එක අළු පාටට හැරෙනවා.
Location History - Paused

Ads personalization නැවැත්වීම

Internet එක පුරාවටම ඔයාට ads පෙන්නන්න Google එකෙන් ඔයා ගැන විස්තර එකතු කරලා තියාගෙන ඉන්නවා. ඉතින් ඔයාට ඕන නම් මේකත් නවත්තලා දාන්න පුළුවන්.

නමුත් මතක තියාගන්න ඕන දෙයක් තමයි, ඔයා මේක කලොත් ඔයාට දකින්න ලැබෙන ads ඔයා කැමති දේවල් ගැන නැතිව, general විදිහට තමයි පෙන්වන්නේ. ඒ වගේම ඔයා හිතාගෙන ඉන්නවා නම් මේක off කලාම ඔයාට ads පෙන්නන්නේ නැති වෙනවා කියලා, මේ එහෙම එකක් නෙමෙයි.

  1. Ads Personalization page එකට යන්න
  2. කලින් වගේම මෙතනින් ඔයාට මේක නවත්තන්න පුළුවන්

ඒ වගේම මේක නවත්තන්නේ නැතිව, මේක improve කරන්නත් ඔයාට පුළුවන්. මේකෙන් පුළුවන් ඔයා කැමති විදිහේ ads විතරක් ඔයාට පෙන්නන්න සකස් කරගන්න.