බොහො streaming services මෙන්ම Spotify වලත් සීමාවන් කිහිපයක් ඇති අතර මෙම limits අතරින් එකක් වූයේ Music Library එකේ ගීත save කරගැනීමේ උපරිමා සීමාව, ගීත 10,000 ක් වන ලෙස limit කර තිබීමයි.
වසර ගණනාවක් තිස්සේ මෙම limits ඉවත් කරන ලෙස ලොව පුරා Spotify පරිශීලකයින් විසින් ඉල්ලා සිටි නමුත් මේ දක්වා එයට ප්‍රතිචාරයක් දැක්වීමට Spotify ආයතනය කටයුතු කර තිබුණේ නැහැ.
මිට පෙර ඔබේ Music Library එකෙහි save කරගත් songs 10,000 සිමාව ඉක්මවා ගිය විට “Epic collection my friend. There’s no more room in Your Library. To save more, you’ll need to remove some songs or albums”. යනුවෙන් පණිවිඩයක් පෙන්න ලද අතර Spotify Premium භාවිතා කරන බොහෝ පිරිසකට මෙම limitation එක කරදරයක් වී තිබුණා.

කොහොම නමුත් මේ සීමාව ඉවත් කරමින් නව “unlimited library” ලෙස මෙය වෙනස් කිරිම හරහා ඔබට අවශ්‍ය තරම් songs සහ albums save කරගැනීමේ හැකියාව ලබාදීමට මේ වන විට Spotify ආයතනය කටයුතු කර තිබෙනවා.
This is no more. After today, you can add as many songs as you like to your Liked Songs on @Spotify
— Felipe O. Carvalho (@_Felipe) May 26, 2020
I've been working with a small team on the refactoring necessary to pull this off for a while now. Very happy to see this finally out. https://t.co/1nSExF5o3V
කෙසේ වුවත් උපරිම වශයෙන් devices 5 ක් සඳහා, එක් device එකකට ගීත 10,000 ක් බැගින් download කිරීම වෙනුවෙන් පරිශීලකයින් තවමත් සීමා කෙරෙනු ඇති අතර, තවමත් Playlists එකක් සඳහා එකතු කළ හැකි උපරිම ගීත සංඛ්‍යාව 10,000 කට සිමාවී තිබෙනවා.
කෙසේ වෙතත් Soptify සමාගම වාර්ථා කරන අන්දමට Soptify භාවිතා කරන්නන්ගේන් 1% පමණ කුඩා පිරිසක් පමණක් Music Library එකේ songs 10,000 සිමාවට පැමිණි ඇති බව Spotify සමාගම වාර්ථා කර සිටි අතර, ඉදිරි දින කිහිපය ඇතුලත මෙම update එක සියලුම පරිශීලකයින් හට ලබාදීමට ඔවුන් බළාපොරොත්තුවෙන් සිටිනවා.
මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය, නිළ Spotify Community එක සහ Android Authority වෙබ් අඩවිය භාවිතා කළ හැක.