ලොව වැඩිම Subscribers ලා ප්රමාණයක් ඇති YouTube Channel එක යන කිරුළ පැළඳීම සඳහා මේ වන විට PewDiePie සහ T-Series යන channel දෙක එකිනෙකා අතර තරඟ වදිමින් සිටිනවා.
පසුගිය මාස කිහිපයක කාළය ඇතුලත අන්තර්ජාලය පුරා මෙන්ම නගර වල දැන්වීම් පුවරු හරහා ද මේ channel සඳහා වෙළඳදැන්වීම් පළ කිරීමට විවිධ පුද්ගලයන් කටයුතු කර තිබුණු අතර මේ වන විට PewDiePie සඳහා Subscribers ලා 72,884,460 ක් ද, T-Series සඳහා Subscribers ලා 72,810,838 ක් ද වශයෙන් පවතිනවා.
මේ PewDiePie channel එකට එකතු වන subscribers ලා ප්රමාණය වැඩි කිරීම වෙනුවෙන් මේ channel එකේ fan කෙනෙක්, එහෙමත් නැතිනම් රසිකයෙක් විසින් සිදු කර ඇති දෙයක් පිළිබඳ අපූරු පුවතක් ගැන මේ වන විට වාර්ථා වෙනවා.
එනම් ලොව පුරා විසිරී ඇති අන්තර්ජාලයට සම්බන්ධ කර ඇති printers 50,000ක පමණ ප්රමාණයක් hack කර, ඒ මගින් මේ PewDiePie channel එක subscribe කරන ලෙස වූ document එකක් print කිරීමට කටයුතු කිරීමයි.
@pewdiepie I work in IT around Brighton and our Printers are being hacked....is this your propaganda? pic.twitter.com/xIRCGEQoNB
— Georgia Barton (@georgia_bizzle) November 29, 2018
මේ කටයුත්ත @TheHackerGiraffe නමින් Twitter මත පෙනී සිටින පුද්ගලයා විසින් සිදු කර ඇති අතර ලොව පුරා තිබෙන දහස් ගණනක් වූ printers අතරින් open ports ඇති devices සඳහා scan කිරීමක් සිදු කර, මේවායේ තිබූ ආරක්ෂක උපක්රම වල දුර්වලතාවයක් උපයෝගී කරගනිමින් මෙම කටයුත්ත සිදු කර තිබෙනවා.
Spread the word with your friends about printers and printer security! This is actually a scary matter. Will tweet everything about this entire #pewdiepie hack later to explain to everyone exactly what went down. Also @pewdiepie please notice me
— TheHackerGiraffe (@HackerGiraffe) November 30, 2018
මේ සඳහා PRET නමින් හඳුන්වන open source toolkit එකක් භාවිතා කිරීමට මොහු කටයුතු කර ඇති අතර එම tool එක හරහා print කිරීම සඳහා printer එක වෙත යවනු ලබන දත්ත ග්රහණය කරගැනීමට හා වෙනස් කිරීමට අවස්ථාව මෙන්ම, අදාල printer එකේ file system එකට සහ memory එකට ද access කිරීමේ අවස්ථාව ලැබෙනවා.
මොහු The Verge වෙබ් අඩවියට පවසා ඇති ආකාරයට, ඔහුට මෙම අදහස ඇති වී තිබෙන්නේ Shodan.io වෙබ් අඩවිය පරීක්ෂා කරමින් සිටින අතරතුර වන අතර මේ දුර්වලතාවය තිබූ 800,000 ක් පමණ වූ printer ප්රමාණයකින් 50,000ක් පමණක් මෙලෙස attack කිරීමට ඔහු කටයුතු කර තිබෙනවා.

මේ දුර්වලතාවය උපයෝගී කරගෙන files සොරාගැනීමට, malware install කිරීමට මෙන්ම printer එකට damage එකක් සිදු කිරීමට පවා හැකියාව ලැබෙන බව වැඩිදුරටත් පෙන්වා දීමට මෙම හැකර්වරයා කටයුතු කර තිබෙනවා.
මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය හා The Hacker News වෙබ් අඩවිය භාවිතා කළ හැක.