Samsung සමාගම විසින් S Pen එක භාවිතා කිරීමේ හැකියාව ලබාදුන් පළමුවැනි foldable device එක Galaxy Z Fold 3 device එක වන නමුත් මේ වන විට ඒ පිළිබඳව අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමට ඔවුන් කටයුතු කර තිබෙනවා.

මීට පෙර අ‍පගේ කෙටි පුවත් සේවාව වන Techie Instants සේවාව හරහා ඔබව දැනුවත් කළ පරිදි මේ Galaxy Z Fold 3 ජංගම දුරකථනය සමඟින් ‍මීට පෙර වෙනත් Samsung devices සඳහා නිර්මාණය කළ S Pen එකක් භාවිතා කළහොත්, එහි screen එක damage විය හැකි බව Samsung සමාගම ප්‍රකාශ කර සිටිනවා.

Techie Instants: Telegram | Twitter | Facebook

Samsung සමාගම පෙන්වාදෙන පරිදි, Galaxy Fold 3 ජංගම දුරකථනය සමඟින් භාවිතා කළ හැකි වන්නේ S Pen Fold Edition හෝ S Pen Pro යන මාදිලි වලට අයත් S Pen පමණක් වන බවයි.

Galaxy Fold 3 device එකෙහි screen එකෙහි ඇති ආරක්ෂිත ආවරණය පැරණි foldable devices වල screen එකට වඩා 80%කින් ශක්තිමත් බව ඔවුන් ප්‍රකාශ කර සිටියත්, මේ සඳහා ම විශේෂයෙන් නිර්මාණය කළ S Pen එකක් භාවිතා නොකළහොත් එම ආරක්ෂිත ආවරණයට හානි සිදු වන බව ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

මේ සඳහා අලුතින් හඳුන්වාදී ඇති S Pen Fold Edition සහ S Pen Pro මාදිලි වල tip එක, එහෙමත් නැතිනම් තුඩ කොටස මෘදු ලෙස නිර්මාණය කර ඇති බවත්, ඒවා භාවිතා කිරීමේදී display එකට වැඩි පීඩනයක් එල්ල නොවන ලෙස සකස් කර ඇති බවත් ඔවුන් පෙන්වා දෙනවා.

මීට අමතරව වෙනත් සමාගම් විසින් නිශ්පාදනය කරනු ලබන S Pen alternative භාවිතා කිරීම ද අවධානම් සහිත වන බව Samsung සමාගම වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Sammobile වෙබ් අඩවිය සහ Softpedia වෙබ් අඩවිය භාවිතා කළ හැක.