Samsung සමාගම ඔවුන්ගේ නවතම තාක්ෂණික නිමැවුම වන Samsung Smart Glass එළඹෙන ජනවාරි මාසයේදී ලෝකයට හඳුන්වා දෙනු ඇතැයි කොරියානු පුවත් සපයන්නෙක් ව වන Yonhap News වාර්තා කරනවා.

මෙය Samsung සමාගමේ මීළඟ flagship දුරකථනය වන Galaxy S25 දුරකථන පෙළ සමගින් ම නිල වශයෙන් නිවේදනය කරනු ඇති ඔවුන් විශ්වාසය පල කරනවා. 

නිල නිවේදනය සිදු වන අවස්ථාවේ මෙහි සම්පුර්ණ උපාංගය නිරාවරණය නොකර බොහෝ විට තිරයක් ඔස්සේ චායාරූපයක් හෝ වීඩියෝවක් ලෙසින් ප්‍රදර්ශනය කරනු ඇති බව තමයි ඔවුන් සඳහන් කරන්නේ. මේ වසරේ ජනවාරියේදී Samsung සමාගම Galaxy Ring එක Unpacked event එකේදී නිවේදනය කලේද මේ අයුරින්. 

Samsung Smart Glass,  2025 වසරේ තෙවන කාර්තුව වන විට නිල වශයෙන් වෙළඳපොළට නිකුත් වෙනු ති බවට බොහෝ දෙනෙක් මත පල කරනවා. Samsung සමාගමේ මේ Extended reality (XR) උපාංගය මත භාවිත වෙන මෙහෙයුම් පද්ධතිය ගැන යම් ඉඟියක් මේ වසර අවසානයට පෙර දැන ගත හැකි වෙනු ඇතැයි 9to5google වාර්තා කරනවා.

2023 පෙබරවාරි මාසයේ Google සහ Samsung දෙක Extended reality (XR) platform එකක් නිර්මාණය වෙනුවෙන්  අත්වැල් බැඳගත්තා.  2024 වසරේදී එලි දැක්වීමට තිබු මේ XR platform එක, 2025 වසරේදී Smart Glass සමගින් එලි දක්වාවි කියලා අපිට අනුමාන කරන්න පුළුවන්. 

Samsung Smart Glass එක Ray-Ban Meta Smart Glass හා සමාන දෘඩාංග සහිත වන අතර බරින් ග්‍රෑම් 50ක් පමණ වනු ඇති බවයි මෙතෙක් leak ව ඇති තොරතුරු අනුව අපිට අනුමාන කරන්න පුළුවන් වෙන්නේ.

ray-ban-meta-smart-glasses
අද වන විට වෙළඳපොලේ ඇති Ray-Ban Meta Smart Glasses - Meta

Google සමාගමේ Gemini මේ වෙත සහය දක්වාවි, gesture recognition සහ  payment support ක්‍රමවෙදයකුත් මේ වෙත ඇතුලත් වේවි යැයි තාක්ෂණික පුවත් සපයන වෙබ් අඩවි ගණනාවක් ම අනුමාන කර තිබුනා. 

එළඹෙන 2025 වසරේ ජනවාරි 22  Samsung Galaxy S25 launch එකෙඅ සිදුවෙන බවට තිබෙන ආරංචි ඇත්ත වුනොත් අපිට මේ Smart Glass එක ගැනත් එදාට දැනගන්න ලැබේවි.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා yna.co.kr වෙබ් අඩවිය සහ 9to5google වෙබ් අඩවිය භාවිතා කළ හැක.