ඔබේ දුරකතනයේ UI එක සම්පුර්ණයෙන් ම වෙනස් කරන One UI 7 එක ඔබට අලුත් අත්දැකීමක් වේවි.
Samsung සමාගම Android 15 මත පදනම් වූ One UI 7 update එකේ beta සංස්කරණයක් නිල වශයෙන් නිකුත් කළා. Samsung දුරකතනයක් භාවිත කරන බොහෝ දෙනෙක් ඉතා උනන්දුවෙන් බලාගෙන හිටපු update එකක් තමයි මේ.
Android 15 OS එක Pixel දුරකථන ඇතුළු තවත් දුරකථන සන්නාම කිහිපයකට ම ලැබිලා මාසයකට අධික කාලයකට පස්සේ තමයි මේ beta update එක නිකුත් වෙන්නේ. One UI 7 beta සංස්කරණය මුලින් ම නිකුත් වෙන්නේ Samsung සමාගමේ flagship දුරකථන පෙළක් වන Galaxy S24 series එකට.
මේක Samsung දුරකථන වෙත ලැබෙන තරමක් විශාල update එකක් නිසාම තමයි මේ ප්රමාදය සිදු වුනේ කියන එක පැහැදිලියි. කෙටියෙන් ම කිව්වොත් homescreen, widgets ඇතුළු සම්පුර්ණ system එකම වගේ redesign වීම මේ update එකත් එක්ක වෙලා තියෙනවා කියන එක අපිට දැකගන්න පුළුවන්.
One UI 7 එකත් එක්ක ඔවුන් අරගෙන තියෙන “bold, iconic design choices” ගැන මුල ඉඳන් ම වගේ Samsung සමාගම යම් යම් ඇඟවීම් Community එක වෙත විටින් විට සිදු කළා.
“Now Bar,” එක මේ update එකත් එක්ක Samsung user ලාට එන විශේෂම feature එකක් කිව්වොත් හරි. iPhone වල දැනගන්න ලැබෙන Dynamic Island එකේ ක්රියාකාරිත්වයට සමාන කමක් දක්වන ලෙසින් timer, workout, music වගේ දේවල් පෙන්වන feature එකක් තමයි මේ.
තුන්වන පාර්ශවීය ඇප්ස් වලට මේ Now Bar එක customise කරන්න සහ notification පෙන්වන්න ඉඩ ලබා දෙනවද කියන එක තාම නිල වශයෙන් සමාගම සඳහන් කරලා නැහැ.
ඊට අමතරව ඔබට text ලියන්න සහ customise කරගහන්න සහය ලබාගන්න පුළුවන් AI tool එකක් “writing assist” නමින් මේ වෙත එක් වෙනවා.
Samsung camera app එකත් පරිශීලනයට වැඩ පහසු වෙන විදිහට වෙනස් කරන්න ඔවුන් උනන්දු වෙලා තියෙනවා. මේ වෙනස්කම් එක්ක ඔබ විශේෂයෙන් දුරකථනය හරහා වැඩිපුර video කරන කෙනෙක් නම් ඔබට ඉතාම පැහැදිලි preview එකක් ලබා ගන්න හැකියාව ලැබෙනවා.
දැනට මේ beta සංස්කරණයේ One UI 7 එක ලැබෙන්නේ එක්සත් ජනපදය, කොරියාව, එක්සත් රාජධානිය, ඉන්දියාව, ජර්මනිය සහ පෝලන්තය කියන රටවල් වල Galaxy S24, Galaxy S24+, සහ Galaxy S24 Ultra කියන දුරකථන භාවිත කරන පරිශීලකයන් සඳහා පමණයි. ඒ රටවල් වල ඉන්න පරිශීලකයන් ට Samsung Members app එක හරහා beta සංස්කරණයන් ලබාගැනීමට register වෙන්න පුළුවන්.
මේ beta release එකෙන් පස්සේ bugs එහෙම fix කරලා 2025 මුල් කාර්තුවේ දී නිකුත් වෙන නව Galaxy S series devices එක්කම public relase එකක් වෙත ඔවුන් යන්න ලොකු ඉඩක් තියෙනවා.
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා samsung.com වෙබ් අඩවිය සහ 9to5google.com වෙබ් අඩවිය භාවිතා කළ හැක.