@OnLeaks විසින් නිකුත් කරන ලද Twitter සටහනකට අනුව Samsung සමාගමේ S series හි 2022 වසර සඳහා වෙන S22 Ultra ජංගම දුරකථනයෙහි තොරතුරු කිහිපයක් මේ වන විට තාක්ෂණික ලෝකයේ බොහෝ අවධානයක් දිනාගෙන තිබෙනවා.

2021 වසරේදී, සමාගමේ වාර්ෂික විශිෂ්ටතම ඉදිරිපත් කිරීමක් වෙන Galaxy Note 21 series එක නිකුත් නොකිරීමේ පසුබිම තුළ, බොහෝ දෙනා අනුමාන කරන්නේ 2022 වසරේදී ද Note දුරකථනයක් නිකුත් නොවනු ඇති බවකුයි.

ඊට හේතුවී තිබෙන්නේ Note හි විශේෂතම feature එකක් වෙන S Pen slot එක හා Note සතු වූ Boxy design එක S22 Ultra දුරකථනයට ලැබීමට නියමිත බව මෙම ඡායාරූප වලින් නිරූපණය වීමයි.

Note හා සමාන Body Design එකක් සහිත S22(Leaks)

S21 ultra දුරකථනය, S Pen සඳහා සහය දැක්වුවද, එහි S Pen එක සඳහා slot එකක් ඇතුළත්ව තිබුනේ නැහැ.

එමෙන්ම වාර්තා වෙන පරිදි, S22 සතුව අඟල් 6.8 ක Dual curved waterfall තිරයක් හා 5,000mAh බැටරියක්ද ඇතුලත් වන බව වාර්තා වෙන අතර, මෙම බැටරි ධාරිතාවය සත්‍ය නම්, S22 සතුව බොහෝදුරට S Pen slot එකක් තිබීමට ඉඩ තිබෙනවා.

අලුත් කල Camera bump එකක් සහිත පිටුපස(Leaks)

එසේ වුවහොත් Note 20 යනු, Note series හි අවසාන සාමාජිකයාද යන ප්‍රශ්නය යළි පැනනඟින අතර, සැබවින්ම අන්තර්ජාලය තුළද මීළඟ වසරේදී Note line-up එකක් නිකුත් වනවාද නැද්ද යන්න පිළිබඳව ප්‍රමාණවත් තොරතුරු හමුවන්නේද නැහැ.

කොහොම නමුත් Samsung සමාගම තවමත් මේ පිළිබඳව නිළ ප්‍රකාශයක් සිදු කර නැති නිසාත්, S22 series එක පිළිබඳව වන තොරතුරු ද තවමත් නිල තහවුරු කිරීම් නොවන නිසාත්, සමාගමේ ප්‍රමුඛතම phone line-up දෙකෙහි මීළඟ වසරේ හැසිරවීම කෙසේ වේදැයි තවම නිශ්චිතව සඳහන් කල නොහැකි කරුණක් වෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GSM Arena වෙබ් අඩවිය සහ Gadgets360 වෙබ් අඩවිය භාවිතා කළ හැක.