Windows operating system එක භාවිතා කරන Samsung ජංගම දුරකථන හිමියන් බොහෝ විට file share කරගැනීමට මෙන්ම තම ජංගම දුරකථනයේ අනෙකුත් කටයුතු PC එක හරහා ම සිදු කරගැනීමට Samsung DeX for PC app එක භාවිතා කරනු ලබනවා.
කෙසේ නමුත් අලුත් OneUI 7 update එකත් සමඟින් මේ Samsung DeX for PC සේවාව නවත්වාදැමීමට Samsung සමාගම තීරණය කර ඇති බව මේ වන විට නිළ වශයෙන් නිවේදනයක් නිකුත් කිරීමට ඔවුන් කටයුතු කර තිබෙනවා.
දැනට මෙම පහසුකම භාවිතා කරන Samsung ජංගම දුරකථන හිමියන් හට, මේ වෙනුවට Windows මෙහෙයුම් පද්ධතිය සමඟින් Microsoft සමාගම විසින් ලබාදෙන Link to Windows පහසුකම භාවිතා කරන ලෙස ඔවුන් වැඩිදුරටත් දැනුම්දී තිබෙනවා.
කෙසේ වෙතත් මෙලෙස නවතා දැමෙන්නේ Samsung DeX for PC සේවාව පමණක් වන අතර, TV එකකට හෝ Monitor එකකට Samsung ජංගම දුරකථනය සම්බන්ධ කර භාවිතා කළ හැකි සාමාන්‍යය (desktop-like) Smasung DeX පහසුකම සඳහා කිසිඳු වෙනසක් සිදු නොවන බව හො.ම.ත.යු.
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Samsung UK වෙබ් අඩවිය සහ Sammobile වෙබ් අඩවිය භාවිතා කළ හැක.