Rockstar සමාගමේ Grand Theft Auto series එක ගැන මේ වෙනකොට නොදන්න gamer කෙනෙක් හොයාගන්න බැරි තරම්.

මේ වන විට ලොව පුරා ඉන්න GTA ලෝලීන් GTA 6 පිළිබඳව තොරතුරු වාර්තා වෙන තුරු නොයිවසිල්ලෙන් බලාසිටින අතරම, Grand Theft Auto III, Grand Theft Auto: Vice City, සහ Grand Theft Auto: San Andreas කියන game ත්‍රිත්වය remaster කිරීමට Rockstar සමාගම විසින් තීරණය කර ඇති බව වාර්තා වෙනවා.

මෙලෙස remaster කරන ලද games ත්‍රිත්වය මීළඟ ඔක්තෝම්බර් - නොවැම්බර් මාස වන විට PS4, PS5, Xbox One, Xbox Series X සහ S, Switch, PC, Stadia, සහ mobile phones වලට ලබාදීමට ඔවුන් බළාපොරොත්තු වෙනවා.

මේ පිළිබඳව Rockstar ආයතනය විසින් තවමත් නිළ වශයෙන් නිවේදනය කර නොමැති නමුත් Kotaku වෙබ් අඩවිය ප්‍රකාශ කරන අන්දමට Rockstar Dundee studio එක හරහා මෙම remaster කිරීම සිදු කරනු ලබනවා.

එමෙන්ම ‍මෙම games ත්‍රිත්වයම එක් bundle එකක් ලෙස digitally අලෙවි කිරීමට කටයුතු කරනු ඇති අතර, මෙහි අලෙවිය සළකාබැලීමෙන් අනතුරුව එය සාර්ථක වන්නේ නම් Red Dead Redemption වැනි අනෙකුත් පරණ games ද remaster කිරීමට Rockstar ආයතනය සූදානමින් සිටින බව ද වාර්තා වෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ IGN වෙබ් අඩවිය භාවිතා කළ හැක.