Google සමාගම විසින් ඔවුන්ගේ Pixel ජංගම දුරකථන මාලාව වෙනුවෙන් ලබාදී තිබුණු Pixel exclusive පහසුකම් කිහිපයක් මේ වන විට Pixel devices භාවිතා නොකරන, නමුත් Google One subscription එක භාවිතා කරන්නන් හට ද ලබාදීමට කටයුතු කර ඇති බව වාර්තා වෙනවා.

මේ පිළිබඳව බොහෝ කාලයක් තිස්සේ කටකතා පැතිරුණත්, මේ වන විට මේ පිළිබඳව Google සමාගම විසින් නිළ වශයෙන් නිවේදනයක් නිකුත් කිරීමට කටයුතු කර ඇති අතර, මේ අනුව Google Photos app එකේ editor එක සතුව ඇති Portrait Blur, Portrait Light, සහ Color Pop වැනි machine-learning මත පදනම් වුණු පහසුකම් මෙලෙස Google One පරිශීලකයින් හට ලැබීමට නියමිත වෙනවා.

View post on imgur.com

මේ වන විටත් Google Photos free version එක භාවිතා කරන අනෙකුත් පරිශීලකයින් හට ලබාදී ඇති Portrait Blur හෝ Color Pop වැනි පහසුකම් ඉවත් කිරීමට කටයුතු නොකරන බව ඔවුන් පෙන්වා දෙන අතර, අලුතින් ලබාගන්නා ඡායාරූප වල ඇති depth-data පදනම් කරගෙන නිර්මාණය කරනු ලබන portrait mode ඡායාරූප තවදුරටත් ඒ ආකාරයෙන්ම ලබාගැනීමේ හැකියාව ඔවුන් හට ලැබෙනවා.

කොහොම නමුත් මේ අලුතින් Google One පරිශීලකයින් හට හා Pixel පරිශීලකයින් හට ලැබෙන පහසුකම හරහා මෙලෙස depth-data නොමැති පැරණි photos පවා machine-learning ආධාරයෙන් Portrait Blur හෝ Color Pop වැනි පහසුකම් භාවිතා කරමින් edit කිරීමේ හැකියාව ලැබෙනවා.

A new video editor, plus enhanced editing features
You can now apply granular edits to your videos, and a suite of enhanced editing tools are coming to Google One members.

මීට අමතරව Google Photos භාවිතා කරන Android සහ iOS පරිශීලකයින් හට වැඩිදියුණු කරන ලද video editor එකක් ලබාදීමට ද Google සමාගම කටයුතු කරමින් සිටින අතර, එය ඉදිරි සති කිහිපය තුලදී update එකක් හරහා නිකුත් කිරීමට කටයුතු සූදානම් වෙමින් පවතිනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ Phone Arena වෙබ් අඩවිය භාවිතා කළ හැක.