Messaging හා health පහසුකම් ඉලක්ක කරගෙන නව smartwatch එකක් හඳුන්වාදීමට Facebook සමාගම සූදානමින් සිටින බවට The information වෙබ් අඩවිය වාර්තා කරනවා.

2022 වසරේදී වෙළඳපොළට හඳුන්වාදීමට නියමිතව ඇතැයි කියන මෙම smartwatch එකෙහි මූලික සංවර්ධනයන් මේ වන විටත් සිදු කර තිබෙන බව සඳහන් වන අතර, එය Facebook services එනම්, Facebook, Messenger, WhatsApp හා Instagram යන සේවාවන් භාවිතා කරමින් පනිවිඩ හුවමාරුව හා Health and fitness features ඉලක්ක කර නිර්මාණය කරනු ඇති බවට සඳහන් වෙනවා.

Facebook සමාගම විසින් දැනටමත් සිය Hardware devices වල ධාවනය සඳහා ඔවුන්ගේම Operating system එකක නිර්මාණය කරමින් සිටින බවට කටකතා පැතිරෙමින් තිබෙන අතර, ඒ නිසාම මෙම Smartwatch එකේ Google Wear OS එක මගින් බළගැන්වෙනු ඇත් ද, නැතිනම් Facebook සමාගම විසින් develop කරමින් සිටින OS එකක් හරහා බළගැන්වෙනු ඇත් ද යන්න පිළිබඳව තවමත් නිල තොරතුරක් වාර්තා වන්නේ නැහැ.

කොහොම වුණත් පරිශීලකයින්ගේ දත්ත ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් මේ වන විටත් අපකීර්තියට පත්ව ඇති Facebook සමාගමේ මෙම smartwatch එකට කුමන ආකාරයේ පිළිගැනීමක් වෙළෙඳපොළ තුළ හිමි වේවිද යන්න පිළිබඳව අදහස් පළ කිරීමට තවම කල් වැඩි බවත් මෙහිදී සඳහන් කල යුතුයි.

විශේෂයෙන්ම, පරිශීලකයින්ගේ health and fitness තොරතුරුද වෙළඳ දැන්වීම් පෙන්වීම සඳහා තෙවන පාර්ශවීය සමාගම් වලට ලබාදීමට Facebook සමාගම කටයුතු කරනු ඇතැයි යන සැකය මේ වන විටත් පැන නැඟී තිබීම කැපී පෙනන කරුණක් වෙනවා.

එමෙන්ම තවමත් මෙහි මිල ගණන් හෝ අනෙක් Specs, meterials ආදිය පිළිබඳව පිළිබඳවද තොරතුරු වාර්තා නොවන අතර, Apple Watch series 6 හා Watch SE වලට වඩා මිල අඩුවෙන් එය නිකුත් කිරීමට Facebook සමාගම උත්සාහ කරනු ඇති බවට බොහෝ දෙනා අනුමාන කරනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ GSM Arena වෙබ් අඩවිය භාවිතා කළ හැක.