අප දැනට භාවිතා කරනු ලබන ජංගම දුරකථන වල zoom පහසුකම තිබුණත් බොහෝ විට එහි අන්තර්ගත වන්නේ digital zoom කියන තාක්ෂණය වන අතර ඉතාමත් කළාතුරකින් වන ජංගම දුරකථනයක optical zoom පහසුකම දැකගැනීමට ලැබෙනවා.
මේ optical zooming පහසුකම තිබෙන ජංගම දුරකථන වලද camera දෙකක් භාවිතා කරමින් 2x පමණ මට්ටමකට zooming පහසුකම ලබා දුන්නත් කාච භාවිතා කරමින් සැබෑ ලෙසම හොඳ තත්ත්වයේ optical zooming පහසුකමක් සහිත ජංගම දුරකථනයක් තවමත් දැකගන්නට ලැබෙන්නේ නැහැ.

2017 වර්ෂයේ පැවති Mobile World Congress (MWC) event එකට පැමිණි Oppo සමාගම එදින ජංගම දුරකථනයක් එළිදැක්වීමට කටයුතු නොකලත් 5x optical zoom කිරීමේ හැකියාව ඇති ලොව ප්රථම dual camera පද්ධතිය ඇතුලත් ජංගම දුරකථනයක් නිෂ්පාදනය කරන බව ප්රකාශ කරනු ලැබුවා.

කොහොම නමුත් මේ දක්වා ඒ ගැන කිසිඳු තොරතුරක් වාර්ථා නොවූ නමුත් ඔන්න දැන් මේ මස 16 වැනිදා චීනයේ Beijing වලදී පැවැත්වීමට නියමිත event එකකදී 10x optical zoom පහසුකම සහිත ප්රථම ජංගම දුරකථනය එළිදැක්වීමට ඔවුන් සූදානම් වන බව දැනගන්නට ලැබෙනවා.
The OPPO official said it will release a 10x hybrid optical zoom technology, which we will see at CES or MWC as early as possible.
— Ice universe (@UniverseIce) December 25, 2018
Oppo සමාගම විසින් මේ ආකාරයේ prototype device එකක් එළිදැක්වුවත් මෙවැනි device එකක් සැබැවින්ම වෙළඳපොලට පැමිනීමට තවත් බොහෝ කාලයක් ගතවනු ඇති බව බොහෝ දෙනා ප්රකාශ කරනු ලබනවා.
මේ ගැන වැඩි විස්තර දැනගැනීම සදහා The Verge වෙබ් අඩවිය හා GSM Arena වෙබ් අඩවිය භාවිතා කළ හැක.