OpenAI සමාගම විසින් ChatGPT සේවාව WhatsApp වෙත ගෙන ඒමට කටයුතු කරයි
මේ වන විට OpenAI සමාගම විසින් ඔවුන්ගේ ChatGPT සේවාව WhatsApp හරහා භාවිතා කිරීමේ හැකියාව ලබාදීමට කටයුතු කර තිබෙන අතර, පහත link එක භාවිතා කරමින් හෝ +18002428478 අංකයට WhatsApp හරහා පණිවිඩයක් යැවීම හරහා මෙම සේවාව භාවිතා කළ හැකි වෙනවා.
මෙය සම්පූර්ණයෙන්ම නොමිලයේ ලබාදෙන සේවාවක් වන අතර, ලොව පුරා සිටින ඕනෑම පරිශීලකයෙකු හට මෙය භාවිතා කිරීමේ හැකියාව ලබාදීමට OpenAI සමාගම කටයුතු කර තිබෙනවා.
මෙම එළිදැක්වීම OpenAI සමාගමේ 12 Days of OpenAI event එකෙහි කොටසක් ලෙස සිදු කර තිබෙන අතර, මේ අලුත් WhatsApp bot එක බළගැන්වෙන්නේ OpenAI සමාගමේ නවතම cost effective OpenAI o1-mini model එක මගින් වන බවත් ඔවුන් වැඩිදුරටත් නිවේදනය කර තිබෙනවා.
WhatsApp සේවාව මේ වන විට ලොව පුරා බිලියන 2.5ක පමණ පරිශීලකයින් පිරිසක් භාවිතා කරනු ලබන අතර, මීළඟ වසර වන විට එය බිලියන 3 අභිබවා යනු ඇති බව අනුමාන කෙරෙනවා. OpenAI - WhatsApp integration එක හරහා බිලියන 2.5ක් වන WhatsApp පරිශීලකයින් හට නැවත register වීමකින් (account creation එකකින්) තොරව, ඉතාමත් පහසුවෙන් ChatGPT සේවාව භාවිතා කිරීමේ හැකියාව ලැබෙනවා.
මේ පිළිබඳව TechNews කණ්ඩායමේ අවධානය යොමු කළ Kasun Chanuka Fernando සහෝදරයාට අපගේ විශේෂ ස්තූතිය.
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Engadget වෙබ් අඩවිය සහ The Vergeවෙබ් අඩවිය භාවිතා කළ හැක.