Android 15 මත පදනම් වූ OxygenOS 15 එක්කම AI තාක්ෂණයෙන් බලගැන්වුණු පහසුකම් රැසක් OnePlus පරිශීලකයන් වෙත ලැබෙන බව කියන්න ඕනේ.


ඔක්තෝම්බරයේ Google සමාගම නිල වශයෙන් ඔවුන්ගේ නවතම Android සංස්කරණය  වන Android 15, Pixel උපාංග වෙත නිකුත් කළා. දැන් ඔවුන් අනෙක් සමාගම් වල උපාංග වෙතත් ටිකෙන් ටික මේ update එක ලබා දෙන බව ඔබ දන්නවා. 

අපි පෙර ලිපියක කතා කළා Samsung පරිශීලකයන් වෙත One UI 7 update එක ලැබෙන්න පටන් ගත්බව. 

Android 15 මත පදනම් වූ One UI 7 beta සංස්කරණය Samsung දුරකථන වෙත නිකුත් වෙයි
ඔබේ දුරකතනයේ UI එක සම්පුර්ණයෙන් ම වෙනස් කරන One UI 7 එක ඔබට අලුත් අත්දැකීමක් වේවි.

හැම ප්‍රධාන Android update එකක් එක්කම OnePlus වගේ සමාගම් වලට හැකි වෙනවා ඔවුන්ගේ ම අනන්‍ය පහසුකම් එක්ක මේ මෙහෙයුම් පද්ධති තරමක් දුරට customize කරගමින් තම උපාංග භාවිතකරණ පරිශීලකයන් වෙත ලබාදෙන්න. 

OxygenOS 15 තමයි OnePlus උපාංග භාවිත කරන බොහෝ දෙනෙකුගේ අවධානය දැන් යොමුවෙලා තියෙන මාතෘකාව. මේ නව Android update එකත් එක්ක ඉතාම වේගවත් වගේම smooth experiance එකක් තම පරිශීලකයන් වෙත දෙන්න OnePlus සමාගම උත්සහ කරලා තිබෙන බව මේ වෙද්දී පේන්න තියෙනවා. 

සැහෙන්න animations වගේ දේවල් වල improvements,  split notifications සහ Quick Settings experience,  Apple Dynamic Island වලට සමානව ක්‍රියාත්මක වෙන Live Alerts පහසුකම් වගේ බොහෝ දේවල් OxygenOS 15 සමග පරිශීලකයන් වෙත ලැබී තිබුනා. 

ඊට අමතරව AI මගින් බල ගැන්වෙන AI Assistant in Notes, Intelligent Search, AI Reflection Eraser වැනි දේවල් කැපී පෙනෙන පහසුකම් ලෙස හඳුන්වන්න පුළුවන්. 

මීට අමතරව Apple iPhone පරිශීලකයන් හා files share කරගන්න ඉඩ සලසන Share with iPhone පහසුකමත් OxygenOS 15 සමග OnePlus පරිශීලකයන්ට ලැබෙනවා. 

පසුගිය November 6 වැනිදා ඉඳලා OxygenOS 15 roll out වෙන්න ආරම්භ වුනා. දැනට OnePlus 12, OnePlus Pad 2, OnePlus Open OnePlus Nord 4, OnePlus Nord CE4 Lite 5G, OnePlus Nord CE4 උපාංග වෙත OxygenOS 15 ලැබී අවසන්.

OnePlus 10 Pro එක මේ වෙද්දී Android 15 වෙත closed beta program එකක් හරහා පරික්ෂා කරන ගමන් ඉන්න බව තමයි දැනගන්න ලැබෙන්නේ. 

මේ ලයිස්තුවේ නැති වුනත් 2021-2022 කාලයන් වල වෙළඳපොල වෙත නිකුත් වුන OnePlus Device එකක් නම් ඔබ භාවිත කරන්නේ ඔබට OxygenOS 15 ලැබෙන්න බොහෝ විට අවස්ථාවක් තියෙනවා. හැබැයි ඒ වෙත කොයි තරම් කාලයක් ගත වෙයිද කියන එක නම් දැනට හරියටම කියන්න අපහසුයි. 

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා 9to5google වෙබ් අඩවිය සහ oneplus වෙබ් අඩවිය භාවිතා කළ හැක.