Nokia brand එක යටතේ නිකුත් කළ සියළුම Android ජංගම දුරකථන සඳහා Android Pie මෙහෙයම් පද්ධතිය ලබා දෙන බව පසුගිය වසරේ HMD Global සමාගම ප්‍රකාශයට පත් කර තිබුණා.

මේ වන විට එම ක්‍රියාවලිය අවසාන අදියරේ පවතින බවත් 2019 පළමු කාර්තුව අවසන් වන විට Android Pie සංස්කරණය සියළුම Nokia ජංගම දුරකථන වලට ලබා දීමට හැකි බවත් ඔවුන් වැඩි දුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

පළමුව Nokia 5 හා Nokia 3.1 Plus දුරකතන සදහා මෙම සංස්කරණය මේ සතිය අවසාන වන විට ලබා දීමට කටයුතු කරන බව HMD Global අායතනය සදහන් කර තිබෙන අතර ම අනෙකුත් සියළුම දුරකතන සදහා ජූනි මස පමණ වන විට මෙම updates ලබා දීමට හැකි වේ යැයි ඔවුන් අපේක්ෂා කරනවා.

HMD Global අායතනය ප්‍රකාශ කරන අාකාරයට සියලුම Android දුරකතන සදහා මෙම සංස්කරණය ලබා දීමට නියමිතව තිබෙන නමුත් Nokia 2 දුරකතනයට පමණක් මෙම සංස්කරණය ලබා නොදීමට මොවුන් තීරණය කර තිබෙනවා. මෙයට හේතුව කුමක්ද යන්න නම් මොවුන් ප්‍රකාශ කර නැහැ.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා නිළ Nokia වෙබ් අඩවිය, Gadgets 360 වෙබ් අඩවිය හා Android Authority වෙබ් අඩවිය භාවිතා කළ හැක.