මේ වන විට WhatsApp ආයතනය විසින් WhatsApp සඳහා නව විශේෂාංග කිහිපයක්ම එළිදැක්වීමට කටයුතු කරමින් සිටින අතර ඒ අතරින් විශේෂාංග කිහිපයක් පිළිබඳව මීට පෙර අප ඔබව දැනුවත් කිරීමටද කටයුතු කරනු ලැබුවා.


මේ වනවිට, WhatsApp blog අඩවිය මගින් තවත් වැදගත් විශේෂාංගයක් පිළිබඳව වාර්තා කර සිටින අතර ඒ හරහා ඔබට ලැබෙන group call එකක් answer කිරීමට නොහැකි වුවද පසුව එම group call එකට සම්බන්ධ වීමට අවස්තාව හිමි වෙනවා.
මීට පෙර මේ ආකාරයෙන් group call එකකට එක් වීමේ අවස්තාව මග හැරී ගියහොත්, ඔබට එම සංවාදයට නැවත එක් වීමට අවශ්‍ය නම් එම call එකට සම්බන්ධ වී සිටින අයෙක් අපව එම ඇමතුමට සම්බන්ධ කරගත යුතුව තිබුණත්, මෙම නව විශේෂාංගය හරහා ඔබගේ calls tab එකෙහි එම අදාල group call එක මත පහත රූපයේ පෙන්වා ඇති ආකාරයට කොල පැහැයෙන් video call එකක් සදහා invite කර ඇති බව දැනුවත් කරනවා.

ඒ අතරම එම group call එකට ගිය පසු එම group call එකට සම්බන්ධ වී සිටින පිරිසත්, call එක සඳහා invite කර ඇති නමුත් තවමත් call එකට සම්බන්ධ වී නැති පිරිසත් දිස්වෙනවා.
එමෙන්ම මෙම සියලුම විශේෂාංග ලබාදුන්නද WhatsApp සේවාව End-To-End-Encrypted බව WhatsApp ආයතනය වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.
I’m stoked that my team is launching a better version of WhatsApp group calling today!
— Thijs Niks (@thijsniks) July 19, 2021
You can now join a call at any moment while it is ongoing, so you never have to miss one again https://t.co/LfA3Ow7Slz pic.twitter.com/a3s3JgB3Pf
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා WhatsApp Blogවෙබ් අඩවිය සහ wccftech වෙබ් අඩවිය භාවිතා කළ හැක.