Apple සමාගම යනු ඉතා ඉහළ මිල ගණන් වලට තාක්ෂණික උපාංග නිකුත් කරන සමාගමක් වන අතර විශේෂයෙන්ම අලුතින් නිකුත් වන iPhone ජංගම දුරකථන සෑම විටම ඉහළම මිල පරාසයක රැඳී තිබෙනවා.
ඇතැම් පාරිභෝගිකයන් මේ මිල ගණන් ගැන කණස්සල්ල පලකර තිබුනද iPhone වල ඇති ඊටම ආවේණික Quality එක හා Design එක නිසාම මෙම මිල වැඩි වීම කියන කාරණය පාරිභෝගික ආකර්ෂණය රඳවා ගැනීමට බාධාවක් වී නොමැති බව දැකගත හැකි වෙනවා.
ලොව අනෙකුත් ප්‍රමුඛ පෙලේ සියලුම ජංගම දුරකථන නිශ්පාදකයින් පාහේ මිලෙන් අඩු ජංගම දුරකථන නිකුත් කරන අතර Apple සමාගම ද iPhone SE 2020 Version එක 399$ ක් වැනි අඩු මුදලකට අලෙවි කිරීමට තීරණය කළ බව ඔබ දැනටමත් දැනුවත් ඇති.
එම තීරණය තවත් ඉදිරියට රැගෙන යමින් iPhone 12 Line up එක සමඟින් ද මිලෙන් අඩු දුරකථන මාදිලියක් නිකුත් කිරීමට Apple සමාගම තීරණය කර ඇති බව වාර්ථා වන අතර අනෙකුත් iPhone 12 මාදිලි වල ද මිළ ගණන් Omega Leaks නම් Leaker කෙනෙකු විසින් Twitter හි පල කිරීමට කටයුතු කර තිබෙනවා.
my first iphone rumor is the 4g version of the 12 and 12 max
— Omega LEAKS and RUMORS (@omegaleaks) June 25, 2020
iphone 12(4g) if it happens will be 549$
4g 12 max will be 649$ and there 5g prices are 649 and 749 just like jon prosser said.
එම තොරතුරු වලට අනුව මෙවර iPhone 12 Lineup එකෙහි 4G හා 5G ලෙස Version දෙකක් නිකුත් කරනු ඇති අතර ඒ අනුව iPhone 12 4G මාදිලිය 549$ තරම් අඩු මිලකට හා iPhone 12 Max මාදිලිය 649$ කට මිලකර ඇති බවයි බවයි වාර්ථා වෙනවා.
Been seeing some reports speculating on iPhone 12 prices, so I asked my sources 👇
— Jon Prosser (@jon_prosser) April 30, 2020
5.4 iPhone 12 D52G
OLED / 5G
2 cam
$649
6.1 iPhone 12 D53G
OLED / 5G
2 cam
$749
6.1 iPhone 12 Pro D53P
OLED / 5G
3 cam + LiDAR
$999
6.7 iPhone 12 Pro Max D54P
OLED / 5G
3 cam + LiDAR
$1,099
එමෙන්ම මෙහි 5G iPhone 12 මාදිලිය ද 649$ ක් හා 5G iPhone 12 Max මාදිලිය 749$ ක් පමණ වනු ඇති බව දැකගත හැකි වන අතර මේ මිළ ගණන් මීට පෙර ද පසුගිය අප්‍රේල් මාසයේදී අන්තර්ජාලයට නිකුත් වුණා.
කොහොම නමුත් මේ Price Details පිළිබඳව අදහස් පල කරන බොහෝ දෙනෙකු පවසන්නේ මෙහි සඳහන් 4G මාදිලි වලට Apple සමාගම පසු ගිය මාදිලි වලට සාපේක්ෂව විශාල වෙනස්කම් සිදු නොකරනු ඇති බව හා 5G මාදිලි නව්‍යකරණය කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමු කරනු ඇති බවත්ය.
විශේෂයෙන්ම Apple සමාගම විසින් iPhone 12 ජංගම දුරකථන නිෂ්පාදනයේදී සහ බෙදාහැරීමේදී එහි නිෂ්පාදන වියදම පිළිබඳව ද මේ වන විට අවධානය යොමු කිරීමට කටයුතු කර ඇති බව දැකගත හැකි වන අතර මේ iPhone 12 මාදිලි සමඟින් Charger එක සහ Earbuds අන්තර්ගත නොකිරීමට සූදානමක් ඇති බව අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

මෙහිදී මතක් කල යුතු වැදගත්ම කාරණය වන්නේ මෙම කිසිඳු තොරතුරක් Apple සමාගම විසින් නිළ වශයෙන් තහවුරු කර නැති බව හා මෙන්ම iPhone 12 Lineup එකෙහි සැබෑ මිලගණන් දැනගැනීමට නම් එය නිළ වශයෙන් එළිදැක්වෙන දින දක්වා බලා සිටීමට සිදු වෙනවා.
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා T3 වෙබ් අඩවිය, GSM Arena වෙබ් අඩවිය සහ නිළ Omega LEAKS Twitter ගිණුම භාවිතා කළ හැක.