පසුගිය සිකුරාදා (මැයි 3) සිට ලොව පුරා බොහොමයක් Firefox පරිශීලකයන් හට ඔවුන්ගේ Firefox add-ons ක්රියවිරහිතව තිබූ අතර අලුතින් Add-ons install කිරීමට ද නොහැකි වී තිබුණා.
Update: 06/05/2019
මෙම ගැටළුව නිරාකරණය කරමින් Firefox 66.0.4 සංස්කරණය සියළුම platform වලට නිකුත් කිරීමට Mozilla ආයතනය මේ වන විට කටයුතු කර තිබෙන අතර එම සංස්කරණයට හැකි ඉක්මණින් update කරගැනීමට කටයුතු කරන්න.
මෙයට හේතුව වී ඇත්තේ Firefox තුල ඇති ආරක්ෂක සහතික (security certificates) නැවත අලුත් කිරීමට අපොහොසත් වීම වන අතර මේ සදහා ඊයේ දිනයේදී Firefox ආයතනය මෙම ගැටළුව නිරාකරණය කරමින් පවතින බවට නිවේදනයක් නිකුත් කර තිබුණා.
We rolled out a hotfix that re-enables affected add-ons. The fix will be automatically applied in the background within the next few hours.
— Mozilla Add-ons (@mozamo) May 4, 2019
For more details, please check out the update at https://t.co/G5ypnckjdM
මේ වෙනුවෙන් පැය කිහිපයක් ඇතුලත තාවකාලික විසඳුමක් ලබා දීමට Firefox ආයතනය කටයුතු කර ඇති අතර එය ඔවුන්ගේ Study system එක හරහා ස්ථාපනය වන බැවින් පහත පියවර අනුගමනය කර එය enable කර තබාගන්නා ලෙස ඔවුන් ඉල්ලා සිටිනවා.
Firefox Preferences -> Privacy & Security -> Allow Firefox to install and run studies
Mozilla ආයතනය විසින් Firefox පරිශීලකයන් හට ප්‍රකාශ කර සිටින්නේ මීට අමතරව මේ වෙනුවෙන් කිසිඳු workaround එකක් සිදු නොකරන ලෙසත් එසේ සිදු කිරීම හරහා ඔබගේ ආරක්ෂාවට තර්ජනයක් ඇති විය හැකි බවත් ය.
එමෙන්ම මීට අදාල ස්ථාවර fix එක නිකුත් කළ විට ඒ සඳහා කිසිවක් අමුතුවෙන් සිදු කිරීමට අවශ්‍යය නොවන අතර අදාල කටයුතු background එකෙන් ස්ව්‍යංක්‍රීයවම සිදු වනු ඇති බවත් ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Forbes වෙබ් අඩවිය, The Verge වෙබ් අඩවිය හා නිළ Mozilla Blog එක භාවිතා කළ හැක.