COVID-19 තත්වය හමුවේ බොහෝ දෙනෙකු තම වැඩ කටයුතු දුරස්ථව සිදුකර ගැනීමට යොමු වීම හේතුවෙන් video communication සේවාවන් භාවිතා කරන පරිශීලකයන් සංඛ්‍යාවද සීඝ්‍රයෙන් ඉහළ යාමක් පසුගිය කාලය තුළදී දැක ගැනීමට හැකියාව ලැබුණා.

එබැවින් Microsoft Teams හරහා දිනකට පවත්වන meetings ගණනද විශාල ලෙස ඉහළ ගොස් ඇති අතර බොහෝ video communication සේවාවන් තම පරිශීලකයන් සඳහා නව විශේෂාංග හදුන්වාදීමට ද වැඩි අවධානයක් යොමුකර ඇති බව දැකගත හැකි වෙනවා.

Microsoft Teams හරහා ද දැන් video calls ලබාගන්නා විට background එක සඳහා තමන්ට අවශ්‍ය background image එකක් upload කර ගැනීමට අවස්ථාව ලබාදී ඇති බව Microsoft නිළ blog අඩවිය හරහා නිවේදනයක් නිකුත් කරමින් Microsoft සමාගම පසුගියදා ප්‍රකාශ කරනු ලැබුවා.

කොහොම නමුත් මෙම custom images සහ අනෙකුත් background effects available වන්නේ කලින් schedule කල Teams meetings සඳහා පමණක් වන බව Microsoft සමාගම වැඩිදුරටත් පෙන්වා දෙනවා.

Teams සේවාව සතුව background blurring effect සහ pre-installed images library එකක් ඇති අතර මෙම පහසුකම මගින් meetings සඳහා සහභාගී වෙන්නන් හට තමන්ගේ අවුල් සහගත පසුබිම් සඟවා ගැනීමේ හැකියාව ලැබෙනවා.

කොහොම නමුත් මේ පහසුකම මේ වන විටත් Zoom වැනි අනෙකුත් video conferencing සේවාවන් වලට ලබාදී ඇති බව The Verge වෙබ් අඩවිය පෙන්වා දෙනවා.

මේ custom image backgrounds ලබාදීමට අමතරව, Microsoft සමාගම විසින් Teams සේවාව නොමිලේ භාවිතා කරන්නන් සඳහා විශේෂාංග කිහිපයක්ද ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබෙනවා.

“Meet Now” විකල්පය භාවිතා කිරීම වෙනුවට meetings schedule කර invites යැවීමේ හැකියාව ලබාදීම, live captions පහසුකම ඇතුළුව තවත් විශේෂාංග කිහිපයක් ලබාදීමට ද Microsoft සමාගම කටයුතු කර ඇත.

View post on imgur.com
schedule and start meetings in the free version of Teams

Microsoft සමාගම පවසන්නේ custom Teams backgrounds එකතුවට Pride-themed images කිහිපයක් ද ජුනි මස 16 වැනි දින වන විට එක් කිරීමට නියමිත බවයි.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ Microsoft නිළ blog අඩවිය වෙබ් අඩවිය භාවිතා කළ හැක