Samsung වෙතින් නිකුත්වීමට තිබෙන One UI 7 එක Windows මෙහෙයුම් පද්ධතිය හා ඔබේ දුරකථනය සම්බන්ධ කරවන DeX App හා සහය නොදක්වන බවත් ඒ වෙනුවට ඔබේ වින්ඩොව්ස් මෙහෙයුම් පද්ධතියේ ඇති Link to Windows පහසුකම භාවිතා කරන ලෙසත් Samsung UK වෙබ් අඩවියේ footnote එකක සඳහන් වෙනවා. 

The DeX for PC on Windows OS will end support from One UI 7 version. We encourage customers to connect mobile phone and PC through the Link to Windows feature.
To use the “Link to Windows” feature, refer to the following website (Connected Experience page↗)

ඔබට DeX හා සමාන පහසුකම් ඇති Microsoft Phone Link app එක ඔස්සේ ඔබේ දුරකථනය පරිගණකය හා සම්බන්ධ කරගන්න ඉතාම පහසුවෙන් හැකියාව ලැබෙනවා. 

ඔබේ Windows මෙහෙයුම් පද්ධතිය සමගින් ම install ව එන නිසා අමුතුවෙන් කිසිවක් ඔබේ පරිගණකයේ install කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. 

Samsung DeX Apps
One UI 7 එක DeX හා සහය දක්වන්නේ නැත - Samsung

ඉතා ඉක්මනින් Samsung දුරකථන භාවිත කරන බොහෝ දෙනෙක් වෙත නව One UI 7 update එක ලැබීමට නියමිතයි. Samsung සමාගම One UI 7 එක පිළිබඳව පසුගිය මාසයේ පැවති ඔවුන්ගේ developer conference එකකදී යම් tease කිරීමක් සිදු කළා. ඔවුන් පොරොන්දු වුනා වසර නිමවීමට ප්‍රථම Beta version එකක් නිකුත් කරන බවට. 

කොහොම නමුත් මේ ලිපිය ලියන අවස්ථාව වෙනවිට නම් කිසිඳු නිල දැනුම් දීමක් හෝ නිවේදනයක් Samsung වෙතින් නිකුත් ව නැහැ. 

0:00
/0:08

One UI 7 එකත් එක්ක සිද්දවීමට නියමිත වෙනස්කම් ඇතුලත් වීඩියෝවක් Samsung Spanish වෙබ් අඩවියෙන් අන්තර්ජාලය වෙත පසු ගිය දිනක leak වුනා. සැහෙන්න smooth animations, වෙනස් වූ Quick Panel එක වගේම pill-shape එකක් සහිත live activities feature එකකුත් මේ නව වෙනස්කම් අතර දැකගන්න ලැබුනා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා theverge.com වෙබ් අඩවිය සහ androidauthority.com වෙබ් අඩවිය භාවිතා කළ හැක.