Microsoft හෝ Intel යන සමාගම් වලින් එකක් විසින් සුප්‍රකට Nokia සමාගම මිලදී ගැනීමට සූදානම් වීමක් පිළිබඳව අන්තර්ජාලයට තොරතුරු නිකුත් වී තිබෙනවා.

මෙයිනුත් වැඩිම අවධානය යොමු වී ඇත්තේ Microsoft සමාගමට වන අතර, ප්‍රමුඛ පෙලේ ජංගම දුරකථන විශ්ලේෂක සමාගමක් වන CCS Insight ආයතනය විසින් මෙම තොරතුරු හෙළිකර තිබෙනවා.

CCS Insight හි 2021 වර්ෂය සඳහා වන අනාවැකි අතර, ලබන වසරේදී එක්සත් ජනපදයේ ප්‍රධාන තාක්‍ෂණ සමාගමක් විසින් Nokia මිලදී ගනු ඇතැයි යන ප්‍රකාශය ඇතුළත් වන අතර Microsoft සහ Intel යන සමාගම් දෙකම ගැනුම්කරුවන් ලෙස නම් කර තිබෙනවා.

විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදය විසින් Huawei සේවාවන් ඇමරිකාව තුල තහනම් කිරීමේ පසුබිම තුළ ඇමරිකාවේ network providers ලාට network equipment අහිමි වු අතර ඊට තිබෙන හොඳම විකල්පය Nokia සමාගම බව ඇමරිකාව විසින් අවබෝධ කර ගැනීම මීට හේතුව බව CCS Insight ආයතනය විසින් පෙන්වා දෙනවා.

මන්ද Huawei හැරුණු විට network equipment සැපයීම අතින් Nokia සමාගම ද සාර්ථක සමාගමක් වීම වන අතර, එහි අදහස නම් Nokia මිලදී ගැනීමට සූදානම් වීම තුළ ආකර්ෂණය ඇත්තේ Nokia හි ජංගම දුරකථන ව්‍යාපාරයට නොව, network equipment ව්‍යාපාරයට බව අනුමාන කළ හැකියි.

කලින් සදහන් කළ පරිදි මේ සමාගම් දෙකෙනුත් වඩාත්ම අවධානය යොමු වී ඇත්තේ Microsoft සමාගමට වන අතර Microsoft විසින් මීට පෙරද Nokia සමාගම සමඟ මෙවැනි ගනුදෙනුවක යෙදී සිටියා ඔබට මතක ඇති.

2011 දී Microsoft mobile division එක විසින් Microsoft Windows මෙහෙයුම් පද්ධතිය ඔස්සේ Nokia Lumia දුරකථන නිකුත් කිරීම සිදුකල අතර 2013 දී සම්පූර්ණයෙන්ම නොකියා හි ජංගම දුරකථන ව්‍යාපාරය Microsoft විසින් මිලදි ගැනිම සිදු කළා.

නමුත් Android හා iOS යන platform දෙකට සාර්ථක තුන්වෙනි විකල්පයක් බවට පත්වීමට මෙම Windows mobile OS එක අසමත් වීමේ පසුබිම තුළ 2017 දී දහස් ගණනකට රැකියාද අහිමි කරමින් Microsoft හා Nokia හි හවුල්කාරිත්වය අවසන් වුණා.

වර්තමාන Nokia සමාගමේ හිමිකාරිත්වය දරන HMD Global සමාගමට Nokia මිලදී ගැනීමට හැකි වන්නේ ඒ නිසයි.

කොහොම නමුත් Nokia සමාගම විසින් හෝ Microsoft හෝ Intel යන කිසිදු සමාගමක් විසින් CCS Insight ආයතනය විසින් සිදුකරන ලද එළිදරව් කිරීම සම්බන්ධයෙන් අදහස් පළ නැති නමුත් යම් වැදගත් දෙයක් සිදුවෙමින් පවතින පමණක් දැනට අනුමාන කළ හැකි වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Forbes වෙබ් අඩවිය සහ Softpedia News වෙබ් අඩවිය භාවිතා කළ හැක.