Google සමාගම විසින් ඔවුන්ගේ Gmail සේවාවේ logo එක බොහෝ කාලයකට පසුව වෙනස් කිරීමට කටයුතු කර ඇති අතර, මීට සමගාමීව ඔවුන්ගේ G Suite සේවාව ද Google Workspace ලෙස rebrand කිරීමට කටයුතු කරනු ලබන බව වාර්ථා වෙනවා.

මේ අනුව G Suite එකට අදාල වන Gmail, Calendar, Google Drive, Docs, Meet වැනි ‍අනෙතුක් Google සේවාවන්ගේ ද logos වෙනස්වනු ඇති අතර, මෙය මින් ඉදිරියට Google Workspace ලෙස rebrand කරනු ලැබෙනවා.

මීට අමතරව මෙම apps සඳහා අලුත් පහසුකම් කිහිපයක් ද එකතු කිරීමට කටයුතු කර ඇති අතර ඒ හරහා Google Meet වල chatroom එකක් භාවිතා කිරීමේදී ඒ හරහා Google Sheets, Google Docs වැනි දෑ නිර්මාණය කිරීමටත්, ඒවා එම පුද්ගලයින් සියළුදෙනා සමඟ share කරගැනීමටත් හැකියාව ලබාදී ඇති අතර එම සේවාවන්ගේ අන්තර්-සහයෝගීතාව, එහෙමත් නැතිනම් Integration එක තවදුරටත් දියුණු කිරීමට කටයුතු කර තිබෙනවා.

එමෙන්ම ඉදිරියේදී කුඩා පරිමාණයේ ව්‍යාපාර සඳහා වැදගත් වන පහසුකම් රැසක් Google Workspace භාවිතා කරන්නන් හට ලබාදීමට Google සමාගම සූදානමින් සිටින බව ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Google Blog එක, The Verge වෙබ් අඩවිය සහ XDA-Developers වෙබ් අඩවිය භාවිතා කළ හැක.