ගිය සතියේ මුල් දවස් කිහිපයේ OnePlus ලා එයාලාගේ අළුත්ම smartphone එක වෙන OnePlus 6 එක ගැන එළිදරව් කළා. නමුත් ඒ වෙනකොටත් අපි දැනගෙන හිටියා මේ අවුරුද්දේ release වෙන්න නියමිත හැම smartphone එකක්ම වගේ බලගැන්වෙන processor එකකුත්, 8GB RAM එකකුත් වගේම 256GB storage එකකුත් මේකට තියනවා කියලා. මේ වෙනකොට මේ ගැන ගොඩක් කටකතා හැදිලා තිබුණා වගේම ඔවුන් මේ specification එක, speed එක සහ performance එක ගන්න ඔවුන් කරන ලද optimization ගැනත් සඳහන් කරලා තිබුණා.

ඉතින් ඇත්තටම මේ OnePlu 6 එක අනිත් phone එක්ක බලද්දී වේගවත් ද? ඔන්න දැන් ඔයාලටම ඒකට උත්තරේ බලාගන්න පුළුවන්. මේ පෙන්නන්න යන්නේ real-life speed test එකක්. ඒ කියන්නේ අපි එදිනෙදා ජීවිතයේදී භාවිතා කරන apps ටිකක් open වෙන්න යන වෙලාව තමයි මේකෙන් මනින්නේ.

OnePlus 6 එක ඒකෙම පරණ version එක වුණු OnePlus 5T එක, iPhone X එක සහ Galaxy S9 එක අතර මේ වගේ real-life speed test එකක් කරන්න Web Hacks කියන YouTube channel එකෙන් කටයුතු කරලා තියනවා. මේ test එක වට දෙකකින් සමන්විත වෙනවා. එක් වටයකදී අපිට බලාගන්න පුළුවන් එකම app ටිකක් phones කිහිපයක open වෙන්න යන වෙලාව, ඒ වගේම දෙවෙනි වටයෙන් අපිට බලාගන්න පුළුවන් ඒ apps ටිකම ආයෙත් reload වෙන්න යන වෙලාව කොපමණද කියලා.

Web Hacks එකෙන් පළමු වටය perform කරන විට ආපු උත්තරය නම් අපිට කලින්ම අනුමාන කරන්න පුළුවන් වෙන විදිහේ එකක්. OnePlus 6 එකට මේ තෝරාගත් apps ටික run කරන්න ඕන වුනේ තත්පර 44ක් විතරයි. OnePlus 5T එකට තත්පර 51ක් යනවා. ඒ වගේම iPhone X එකට තත්පර 47ක් යනවා ඒ apps ටිකම open කරන්න.

මීලඟට OnePlus 6 එක තමන්ගේ RAM එකේ උපරිම වාසිය අරගෙන දෙවෙනි වටයෙනුත් ජයග්‍රහණය කරනවා. ඉතින් පහල තියන video එකෙන් ඔයාලටම බලාගන්න පුළුවන් ඒ test එක.