අද ඔයාලට කියන්න යන්නේ Intel® සමාගමේ Drone ගැන.

මේ Intel® සමාගම කියන්නේ නිකන්ම Processor හදන සමාගමක් විතරක්ම නෙමෙයි. මේ සමාගමෙන් විවිධ උපකරණ ලෝකයට එළිදක්වනවා.
මේ Falcon™ 8+ පද්ධතියත් ඒ වගේ දෙයක් තමයි. මේ Drone එක ඡායාරූප කරණයට, ඉඩම් මැනීමට වගේ දේවල් වලට යොදාගන්න පුළුවන් විදිහට තමයි නිර්මාණය කරල තියෙන්නේ. ඉතින් මේ Drone එක මගින් DJI සමාගමට ලොකු තරඟයක් දෙන්න පුළුවන් වේවි කියලා Intel සමාගම බලාපොරොත්තු වෙනවා.

intel-falcon-8-techie-1

මේ Falcon™ 8+ පද්ධතිය නිර්මාණය කරල තියෙන්නේ දුර්වල GPS signal නැති වෙලාවක වුණත් ස්ථාවරව පියාසර කරන්න පුළුවන් විදිහට.
ඒ වගේම තද සුළඟටත් ඔරොත්තු දෙනවා කියලා සමාඟම විසින් සඳහන් කරලා තියනවා. චුම්භක තරංග වලින් වෙන බලපෑම් පවා තරමක් දුරට දරාගන්න පුළුවන් කියලත් මේ අය කියනවා.

intel-falcon-8-techie-2

ඒ වගේම මේ Drone එකට දීලා තියන pay load options ගොඩක් වැදගත් වෙනවා. මේ pay load අතර APS-C sensor එකක් තියන 20MP Sony R10C camera එකක් හරි 42MP Sony RX1R II camera එකක් හරි 36 MP Sony Alpha 7R කියන full-frame photo camera එකක් හරි එහෙමත් නැතිනම් full sensor RGB camera එකක් එක්කම the FLIR Tau 2 640 camera එකක් යොදාගන්න වුණත් පුළුවන්.

intel-falcon-8-techie-3

intel-falcon-8-techie-4

ඉතින් මේ වගේ තවත් news අරන් මම ආයෙත් එන්නම්.