iPhone 13 line-up එක නිකුක් වීමට තවත් ඉතිරිව ඇත්තේ සති කිහිපයක් පමණක් වෙන අතර, බොහෝ දෙනා අනුමාන කරන පරිදි සුපුරුදු ලෙස සැප්තැම්බර් මාසයේදී එය නිකුත් වීමට නියමිතයි.

මෙම නවතම iPhone එක satellite connectivity එක සමග සම්බන්ධ වෙමින් සමාන්‍ය දුරකථන සංඥා නොමැති අවස්ථාවකදී දුරකථන ඇමතුම් ලබා ගැනීම සහ කෙටි පණිවිඩ යැවිමේ හැකියාවෙන් යුක්ත වෙන බවට ඊයේ ලොව පුරා මාධ්‍ය විසින් වාර්තා කල අතර, ඒ පිළිබඳව දේශීය මූලාශ්‍ර වලින් ද ඔබ දැනටමත් දැනුවත් වී ඇතැයි අප සිතනවා.

පෘථිවියේ පහළ කක්ෂයේ ඇති (LEO - low-earth orbit) සන්නිවේදන චන්ද්‍රිකා සමඟ සම්බන්ධ වීමේ හැකියාව iPhone 13 වෙත ලැබෙනු ඇති බව සුප්‍රකට Apple device විශ්ලේෂකයෙකු වන Ming-Chi Kuo උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කර සිටියා.

මේ වන විටත් iPhone 13 එකට Qualcomm X60 baseband chip එකක් අන්තර්ගත වන බව වාර්තා වී ඇති බවත්, මෙම chip එක satellite communications සඳහා සහාය දක්වන බවත්, ඒ අනුව iPhone 13 පරිශීලකයෙකුට දුරකථන සංඥා ආවරණය නොමැති අවස්ථාවකදී දුරකථන ඇමතුම් සහ කෙටි පණිවුඩ ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවත් එමඟින් අනුමාන කර තිබුනා.

මීට ප්‍රධානතම හේතුව වී තිබුණේ satellite communication service provider කෙනෙකු වන Globalstar සමාගම Qualcomm සමාගමත් සමඟින් එකතු වී Band 53 සහ n53 spectrum එක Qualcomm X65 modem වලට අන්තර්ගත කිරීමට කටයුතු කිරීමේ පසුබිමත් සමඟයි.

කෙසේ නමුත් තාක්ෂණික දත්ත විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව මෙලෙස iPhone වලට satellite communication පහසුකම ලබාදීම සිදු නොවනු ඇති බව දැකගත හැකි වෙනවා.

Globalstar සමාගම මෙම Band 53 සහ n53 spectrum එක satellite communication සඳහා භාවිතා නොකරන නමුත් එය පොලොව මත දැනට භාවිතා කරන 4G සහ 5G private network සඳහා භාවිතා කරනු ලබනවා.

උදාහරණයක් ලෙස දැනටමත් Nokia සමාගම විසින් Band 53 spectrum එක භාවිතා කරමින් නිර්මාණය කළ private wireless network එකක් සියැටල් වරාය පරිශ්‍රය තුළ භාවිතා කරන බව සඳහන් වෙනවා.

මේ Band 53 සහ n53 spectrum එක මීට පෙර satellite communication සඳහා භාවිතා වුවත් මේ වන විට එය පෘතුවිය මත communication සඳහා පමණක් භාවිතා කරනු ලබන අතර, මේ වන විට satellite communication සඳහා භාවිතා කිරීම සඳහා අවසරයක් මෙම band වලට හිමි වී නැහැ.

එමෙන්ම මෙම අලුත් bands එකතු වන්නේ Qualcomm සමාගමේ X65 modam වලට වන අතර, iPhone 13 වලට අන්තර්ගත කෙරෙන X60 chip එකේ n53 spectrum එකට සහාය දැක්වීමක් ද ඇතුලත් වන්නෙ නැහැ.

ඒ අනුව නවතම iPhone 13 line-up එක satellite connectivity එක සඳහා නොව, වැඩිදියුණු කරන ලද 5G  connectivity එක සදහා සහය දෙනු ඇති.

දැනට ඇති අනුමාන වලට අනුව virtual event එකක් ඔස්සේ සැප්තැම්බර් මැදදී iPhone 13 ජංගම දුරකතනය release වෙනු ඇති අතර, මිලදී ගැනීමේ හැකියාව සැප්තැම්බර් මස අග වන විට ලබා දීමට නියමිත වෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Independentවෙබ් අඩවිය සහ Macrumors වෙබ් අඩවිය භාවිතා කළ හැක.