Gemini 2.0 model එකට සමගාමීව ඒ හරහා බළගැන්වෙන Project Astra, Project Mariner සහ Gaming වලදී ක්‍රීඩකයින් හට උපකාර කරන tool එකක් ද ඇතුළු අලුත් ව්‍යාපෘති කිහිපයක් මේ සමඟින් එළිදැක්වීමට Google සමාගම කටයුතු කර තිබෙනවා.
පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී Google සමාගම විසින් ඔවුන්ගේ Gemini 1.0 AI Model එක හඳුන්වාදීමට කටයුතු කළ අතර, මේ වසරේ දෙසැම්බර් 11 වැනි දින එහි නවතම සංස්කරණය වන Gemini 2.0 එළිදැක්වීමට කටයුතු කළා.
මෙහි ඇති එක් ප්‍රධාන විශේෂත්වයක් වන්නේ මේ දක්වා නිකුත් කෙරුණු අනෙකුත් Gemini models වල output එක වූයේ text පමණක් වුවත්, මේ නවතම Gemini 2.0 model එක text, images, සහ audio යන output methods 3ටම සහාය දැක්වීමයි.
OpenAI වැනි Anthropic වැනි අනෙකුත් සමාගම් වලින් හඳුන්වාදී ඇති AI සේවා වලින් Images, Audio මෙන්ම Video පවා නිර්මාණය කළ හැකි නමුත්, ඒවා වෙන වෙනම අදාල කාර්යයන් වලටම නිර්මාණය කළ model හරහා generate කර, පරිශීලකයාට ඉදිරිපත් කෙරෙනවා. මේ අලුත් Gemini 2.0 model එකෙහි විශේෂත්වය වන්නේ වෙනත් models වල සහායක් නොමැතිව native ලෙසම මෙලෙස multi-output methods වලට සහාය දැක්වීමයි.
Google සමාගම පෙන්වා දෙන පරිදි මේ වන විට භාවිතයේ ඇති Gemini 1.5 Pro model එකට සමාන තත්ත්වයේ results ලබාදීමට මේ Gemini 2.0 Flash model එකට හැකියාව තිබෙනවා. Gemini API එක භාවිතා කරන developer වරුන් හට මේ හරහා අඩු වියදමකින් වඩාත් ගුණාත්මක තත්ත්වයේ results ලබාගැනීමේ හැකියාව ලැබෙනවා.
Flash සහ Pro:
Flash model එක නිර්මාණය කර තිබෙන්නේ ඉතා වේගවත් ලෙස ප්‍රතිචාර ලබාදීමට වුවත්, එයින් generate කරනු ලබන output එකෙහි නිරවද්‍යයතාවය අඩු මට්ටමක පවතිනවා. මේ model එක භාවිතා කිරීමට (සහ train කිරීමට) අවශ්‍යය වන්නේ සාපේක්ෂව අඩු computing power එකක් වන නිසා, එය භාවිතා කරන්නන් හට අඩු වියදමකින් භාවිතා කිරීමට හැකියාව ලැබෙනවා.
Pro model එක train කිරීම සඳහා වැඩි parameters ප්‍රමාණයක් භාවිතා කරනු ලබන අතර, මේ නිසා මෙයින් ලැබෙන output එක සාපේක්ෂව වඩාත් නිරවද්‍යය වෙනවා. කෙසේ නමුත් මේ model එකහි response turnaround time එක Flash model එකට වඩා වැඩියි වගේම cost එකත් වැඩි වෙනවා.
කෙසේ නමුත් තවමත් මේ Gemeni 2.0 සංස්කරණයේ Flash model එක පමණක් නිකුත් කර තිබෙන අතර, එයත් තවමත් experimental preview stage එකේ පවතිනවා.
මේ Gemini 2.0 model එකට අමතරව, Google සමාගම විසින් Project Astra සහ Project Mariner නම් වූ ව්‍යාපෘති පිළිබවද තොරතුරු ඉදිරිපත් කරනු ලැබුවා.
නව Gemini 2.0 model එක මඟින් Astra ව්‍යාපෘතියේ අංශ ගණනාවකින් ගුණාත්මක බව වැඩි කිරීමට හැකි වූ බව ඔවුන් පෙන්වා දෙනවා. භාශාවන් ගණනාවකින් පරිශීලකයින් සමඟ කතා කිරීමේ හැකියාව, එක conversation එකක් අතරතුරදී භාශාවන් කිහිපයක් හඳුනාගෙන ඒවාට අදාල භාශාවෙන් ප්‍රතිචාර දැක්වීමේ හැකියාව, Google search, Google Lens සහ Google Maps සේවාවන් භාවිතා කිරීමේ හැකියාව, දේවල් මතක තබාගැනීමේ හැකියාව, සහ ප්‍රතිචාර දැක්වීමේ වේගය මෙලෙස වැඩිදියුණු කිරීමට ලක්ව තිබෙනවා.
මීට අමතරව Gemini 2.0 model එක පාදක කරගෙන නිර්මාණය කරමින් පවතින Project Mariner නම් වූ අලුත් AI Agent tool එකක් (දැනට early research prototype තත්ත්වයේ පවතින Chrome extension එකක්) ගැන තොරතුරු හෙළි කිරීමට Google සමාගම කටයුතු කරනු ලැබුවා.
මේ අලුත් tool එකට පරිශීලකයෙකුගේ web browser එකෙහි මේ වන විට ඇති context එක හඳුනාගෙන, පරිශීලකයා විසින් ලබාදෙන විධාන වලට අනුව තර්කානුකූලව තීරණ ගනිමින් අදාල කාර්යය සිදු කරදීමට හැකියාව තිබෙනවා.
කෙසේ නමුත් තවමත් මේ extension එකට වැඩ කළ හැකි වන්නේ foreground එකෙහි ඇති (active) tab එක සමඟින් පමණක් වන අතර, ඉදිරියේදී මෙහි public launch එකක් සිදු වන අවස්ථාව වන විට මෙයට background tabs හැසිරවීම හෝ browser tab එකක් open නොකරම අදාල කාර්යයන් සිදු කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි අනුමාන කළ හැකි වෙනවා.
මීට අමතරව video games play කරන්නන් හට Gemini 2.0 model එක භාවිතා කරමින් ඒ සඳහා සහාය ලබාදීමට හැකියාව ලබාදීමට ද Google සමාගම බළාපොරොත්තු වෙනවා. මේ වන විටත් Clash of Clans වැනි games නිෂ්පාදනය කරන Supercell වැනි සමාගම් සමඟින් මීට අදාල පරීක්ෂණ කටයුතු සිදු කරමින් පවතින බව Google සමාගම වැඩිදුරටත් පෙන්වා දෙනවා.
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Google Blog අඩවිය සහ MIT Technology Review වෙබ් අඩවිය භාවිතා කළ හැක.