Instagram mobile App එක සතු බොහෝ පහසුකම් තවමත් ඔවුන්ගේ web app එක මත දැකගැනීමට ලැබෙන්නේ නැති බව බොහෝ දෙනෙක් දන්නා කරුණක්.
ප්‍රධාන වශයෙන්ම තවමත් Instagram post එකක් නිර්මාණය කිරීමේ පහසුකම පවා පරිගණකය හරහා ඔවුන්ගේ web app එක භාවිතා කරන්නෙකුට ලබා දීමට Instagram ආයතනය කටයුතු කර නැති අතර, එම පහසුකම ලබා දීමට ද ඔවුන්ගේ බළාපොරොත්තුවක් නැති බව දැනගන්නට ලැබෙනවා.
කොහොම නමුත් ඔවුන්ගේ mobile app එකේ තිබෙන Direct messages පහසුකම මේ web app එකටත් ලබා දීම වෙනුවෙන් පරීක්ෂණ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතින බව Jane Manchun Wong විසින් Twitter පණිවිඩයක් හරහා පෙන්වා දී තිබෙනවා.
Instagram's Direct on Web will also be available on desktop pic.twitter.com/Y3iTIdDwKV
— Jane Manchun Wong (@wongmjane) February 12, 2019
කොහොම නමුත් තවමත් මේ පහසුකමෙහි පරීක්ෂණ මට්ටමේ release එකක් හෝ පරිශීලකයන් හට නිකුත් කිරීමට කටයුතු කර නොමැති අතර මෙය internal testing මට්ටමේ පවතින බව දැනගන්නට ලැබෙනවා.
මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය, Engadget වෙබ් අඩවිය හා 9to5mac වෙබ් අඩවිය භාවිතා කළ හැක.