ලොව විශාලතම වාහන නිෂ්පාදකයා වන Honda සමාගම පවසන ආකාරයට 2020 ජුනි මස 8 වනදා ඔවුන් හට cyber ප්‍රහාරයකට මුහුණදීමට සිදුවී ඇති අතර එය ඔවුන්ගේ ලෝකය පුරාම විසිරී පවතින ආයතන වල වැඩකටයුතු සඳහා බාධාවක් බවට පත් වී තිබෙනවා.
මෙම cyber ප්‍රහාරයට මුහුණදීමට සිදුවී ඇත්තේ Honda Network එකට (හොන්ඩා පරිගණක ජාලයට) වන අතර මෙහි බලපෑම හේතුවෙන් ජාලයෙහි server පරිගණක වෙත ප්‍රවේශ වීමේදී ගැටලු පැන නැගී ඇත. එමෙන්ම Email සහ ජාලයෙහි අභ්‍යන්තර තොරතුරු පද්ධති සඳහා ද බලපෑම් එල්ල වී ඇති බව ඔවුන් වැඩිදුටත් ප්‍රකාශ කර සිටිනවා.
මේ ප්‍රහාරය මගින් ජපානය තුල පවතින Honda පද්ධති වලට අමතරව ජපානයෙන් පිට පවතින Honda පද්ධති සඳහා ද බලපෑමක් සිදු වී ඇති බව වාර්තා වේ.
At this time Honda Customer Service and Honda Financial Services are experiencing technical difficulties and are unavailable. We are working to resolve the issue as quickly as possible. We apologize for the inconvenience and thank you for your patience and understanding.
— Honda Automobile Customer Service (@HondaCustSvc) June 8, 2020
මෙයින් ඇති වූ බලපෑම අවම කර ගැනීමට Honda සමාගම දැනටමත් අවශ්‍යය වැඩ කටයුතු ආරම්භ කර ඇති අතර නැවත සියලුම කටයුතු සාමාන්‍ය තත්වයට පත් කර ගැනීමට හැකි ඉක්මණින් කටයුතු කරන බව ඔවුන් පවසා ඇත.
එමෙන්ම මෙම ප්‍රහාරය virus attack එකක් බවත් එය ජාලය පුරාම පැතිරී ඇති බවත් ඔවුන් සදහන් කර ඇති නමුත් වැඩිදුර තොරතුරු නිවේදනය කිරීමට Honda ආයතනය කටයුතු කර නොමැති අතර හානියට පත් වූ ජාලය මේ සතිය ඇතුලත නැවත යථා-තත්වයට පත් කිරීමට කටයුතු කරන බව ද ඔවුන් වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.
cyber ආරක්ෂකයන් (Cyber Security Expert) පවසන ආකාරයට මෙය ransomware attack එකක මුහුනුවරක් ගෙන ඇති අතර, Hacker වරුන් සිදු කල මෙම ප්‍රහාරය නිසා මුලු ජාලයේම දත්ත encrypt වීමකට ලක් වීමේ අවදානමක් ඇති අතර, ඇතම් විට යම් පද්ධති lock වීමේ අවධානමක් ද තිබෙනවා.
Sentinel One පරිගණක ආරක්ෂාව පිලිබඳ ආයතනයෙහි ආරක්ෂණ ප්‍රධානියා පවසන ආකාරයට මෙය Snake ransomware එක වීමේ හැකියාවක්ද පවතින අතර මෙම Snake ransomware එක විශේෂයෙන්ම නිර්මාණය කර තිබෙන්නේ නිශ්පාදන සමාගම් වල ජාලයන් හට පහර දීමට හැකි ලෙස බව ඔහු පෙන්වා දෙනවා.
කෙසේ වුවත් පරිගනක ජාලයේ දත්ත වෙත කිසිදු බැලපෑමක් හෝ දත්ත සොරා ගැනීමක් වාර්තා නොවන බවද ඔවුන් දක්වා ඇත.
මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Tech Crunch වෙබ් අඩවිය, BBC වෙබ් අඩවිය සහ Forbes වෙබ් අඩවිය භාවිතා කළ හැක.