දකුණු කොරියාව පාදක කරගෙන ප්රචලිතව පවතින Cryptocurrency එකක් වන Bithumb Cryptocurrency exchange එක මේ වන විට කිහිප වතාවකදීම හැකර් වරුන්ගේ ප්රහාරයන්ට මුහුණ දී තිබෙන බව වාර්ථා වෙනවා.
Primitive Ventures ආයතනයේ Dovey Wan පවසන ආකාරයට හැකර්වරයා Bithumb වල EOS සහ XRP වලට අදාළ ගිණුම් වලින් EOS මිලියන 3ක් (දළ වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 13ක් ) හා XRP මිලියන 20ක් (දළ වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 6ක්) ඔහුගේ ගිණුමට බැර කොටගෙන ඇත.
පසුව ඔහුගේ වෙනත් Cryptocurrency ගිණුම් කිහිපයකට හුවමාරු කර ඇති අතර එම ගිණුම් Huobi, HitBTC, WB, සහ EXmo වශයෙන් වන වෙනත් cryptocurrency exchange වලට අයත් වන ඒවා වේ.
BREAKING 🚨🚨🚨
— Dovey Wan 🦖 (@DoveyWan) March 30, 2019
Bithumb is being hacked, at its EOS cold storage level!!! Over 3million EOS has been transferred out 👀👀👀
Detail to be reported, confirmed by security firm who’s auditing for Bithumb
මීට පෙර ද, 2018 වර්ෂයේ ජුනි මස ඩොලර් මිලියන 1ක් ද, Bithumb හි විශාලතම සොරකම වූ 2017 වර්ෂයේ ජුලි මස සිදු වූ ඩොලර් මිලියන 31ක් පමණ වටිනාකමින් යුතු cryptocurrency ද මේ ආකාරයෙන් වසරක් පාසා සොරකම් කිරීමට විවිධ පුද්ගලයන් කටයුතු කර තිබෙන බව වාර්ථා වෙනවා.
මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා CNN වෙබ් අඩවිය හා The Hacker News වෙබ් අඩවිය භාවිතා කළ හැක.