2017 වර්ෂයේදී YouTube සමාගම විසින් එක්සත් ජනපදයේ නගර කිහිපයක් සඳහා මුලින්ම YouTube TV සේවාව ඩොලර් 35 ක පමණ මුදලකට හඳුන්වා දුන් අතර එතැන් සිට YouTube TV සඳහා නව නාලිකා එක් කරමින් පරිශීලකයින් මාසිකව ගෙවිය යුතු මුදල ක්‍රමයෙන් වැඩි කිරීමට කටයුතු කළා.
YouTube TV සඳහා සිදු කළ පළමු මිල වැඩි කිරීම මඟින් ඩොලර් 35 සිට ඩොලර් 40 දක්වා මිල වැඩි වූ අතර පසුගිය වසරේදී එය ඩොලර් 40 සිට ඩොලර් 50 දක්වා ද, මේ වන විට එය මසකට ඩොලර් 64.99ක් දක්වා ද ඉහළ දැමීමට YouTube ආයතනය කටයුතු කර තිබෙන බව වාර්ථා වෙනවා.
We at YouTube TV license content from our content providers to then provide to you. When content prices increase, the overall cost of streaming goes up for everyone.
— YouTube TV (@YouTubeTV) June 30, 2020
අනෙක් සෑම අවස්ථාවකම මිල වැඩි වන අවස්ථාවෙදී මෙන් YouTube සමාගම YouTube TV සඳහා නව නාලිකා කිහිපයක්ම එක් කර ඇති අතර දැනට නාලිකා 85 කට වැඩි සංඛ්‍යාවක් YouTube TV මඟින් නැරඹිමට හැකි නමුත් පරිශීලකයින් මෙම නාලිකා සඳහා කැමති වූ වත් අකමැති වූවත් ඔවුන්ට මෙම මුදල ගෙවිමට සිදු වෙනවා.
YouTube TV සඳහා එක් කර ඇති නව නාලිකා පිළිබඳ මෙම link එකට පිවිසිමෙන් දැනගත හැක.
YouTube TV සේවාව සඳහා යොදා ඇති මෙම නව මිළ ගනන් මේ වන විටත් ක්‍රියාත්මකව ඇති අතර දැනටමත් YouTube TV භාවිතා කරන පරිශීලකයින් සඳහා පමණක් ජූලි 30 න් පසු ඔවුන්ගේ බිල්පත් සඳහා මෙම නව මිල සඳහන් කෙරෙනු ඇත.
මේ ගැන වැඩි විස්තර දැන ගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය සහ 9to5google වෙබ් අඩවිය භාවිතා කළ හැක.