Two-step authentication යනු online account ආරක්ෂිතව තබා ගැනීමට හොඳම ක්‍රමයක් වන අතර වසර ගණනාවක් තිස්සේ Google සමාගම විසින් “Google Prompt” භාවිතය පහසු කිරිමට විවිධ පියවර ගනු ලැබුවා.

Google Prompt පහසුකම වසර කිහිපයක් තිස්සේම පවතින අතර එය තම Google account එකේ 2-step verification enable කළ බොහෝ දෙනාගේ මූලික තෝරාගැනීම ලෙස මේ Google Prompt පහසුකම පත් වී තිබුණා.

කොහොම නමුත් මේ දක්වා මේ Google Prompt පහසුකම භාවිතා කිරීමට නම්, අදාල device එක සඳහා එය activate කළ යුතුව තිබුණු අතර මේ වන විට මේ පහසුකම ඔබගේ Google account එකෙන් sign-in වී ඇති ඕනෑම (සුදුසුකම් ඇති) දුරකථනයක් හරහා භාවිතා කළ හැකි ලෙස නිකුත් කරමින් පවතින බව වාර්ථා වෙනවා.

Google සමාගම විසින් 2-step verification page එකේ ‍යොදා ඇති සටහනකින් පැහැදිලි කරන්නේ "සුදුසුකම් ලත් ඕනෑම දුරකථනයක 2-Step Verification සඳහා ඔබට Google prompts enable කිරිමට හැකියාව ලැබෙනු ඇති" බව වන අතර, තව දුරටත් Google සමාගම පවසන පරිදි ජූලි 7 වනදා සිට ඕනෑම “eligible phone” සඳහා මෙය ලබා ගැනිමට හැකි බවයි.

Google Email:
If you use phones that currently don’t get Google sign-in prompts, they’ll be able to get prompts after July 7, 2020. Going forward, any eligible phone you add to your account will also get prompts.

කෙසේ වෙතත් මෙහි “eligible phone” යනු කුමක්ද යන්න පැහැඳිලිව Google සමාගම විසින් සඳහන් කර නොමැති අතර මෙම පහසුකම සඳහා සහාය නොදක්වන devices මොනවාදැයි යන්නත් පිළිබඳව පැහැදිලි සඳහන් කිරිමක් සිදු කිරීමට ඔවුන් කටයුතු කර නැහැ.

කොහොම නමුත් පරිශීලකයින්හට ඔවුන්ගේ device එකෙන්, ඔවුන්ගේ Google account එක ඉවත් වීමෙන් මෙම ක්‍රියාකාරීත්වයෙන් ඉවත් විය හැකි බව google සමාගම සඳහන් කරයි.

මේ පිළිබද වැඩි විස්තර දැන ගැනිම සඳහා 9to5google වෙබ් අඩවිය සහ XDA - Developers වෙබ් අඩවිය භාවිතා කළ හැකිය