Google සමාගම විසින් Google Maps සේවාවේ Traffic reports පෙන්වීමට බොහෝ කාලයක සිට කටයුතු කලත්, මේ වන තුරු එහි පරිශීලකයන් හට මාර්ග තදබදයක් හෝ බිඳවැටීමක් පිළිබඳව report කිරීමට අවස්ථාවක් ලබා දී තිබුණේ නැති බව ඔබ දන්නවා ඇති.
ශ්රී ලංකාවේ ජනප්රිය නොවුනත්, වෙනත් රට වල ඉතාමත් ජනප්රිය සේවාවක් වන Waze කියන app එක බොහෝ දෙනා අතර ජනප්රිය වෙන්නට බළපෑ ප්රධාන හේතුවක් ලෙස මේ මාර්ග තදබදයන්, පොළිස් රාළහාමිලා සිටින ස්ථාන මෙන්ම යම්කිසි අනතුරක් හේතුවෙන් අදාල මාර්ගය බිඳවැටී ඇති අවස්ථා වලදී ඒ බව, එහි පරිශීලකයන් හට report කිරීමේ අවස්ථාව ලබා දී තිබීම සැළකිය හැකි වෙනවා.
ඉතින් ඔන්න දැන්, Google සමාගමත් ඔවුන්ගේ Google Maps සේවාවට මේ පහසුකම එකතු කරන්නට කටයුතු කර තිබෙන බව වාර්ථා වෙනවා.
Google Maps incident reporting adds slowdown option for traffic jams https://t.co/cm2hHBWeqH by @NexusBen pic.twitter.com/HgTirWnZZB
— 9to5Google.com (@9to5Google) April 5, 2019
මේ අනුව අනතුරක් සිදුවීමක්, මාර්ග තදබදයක් හෝ වේග සීමා හඳුනාගනිමින් දඩ ලියන ස්ථාන (ලංකාවේ නම් traffic police රාළහාමිලා සිටින ස්ථාන) Google Maps වෙත එකතු කිරීමේ හැකියාව මෙය භාවිතා කරන්නන් හට ලැබෙනවා.

කොහොම වුණත් මේ පහසුකම තවමත් Google Maps භාවිතා කරන සියළුදෙනා හටම ලබා දී නොමැති අතර, මෙම සතිය ඇතුලත Android හා iOS භාවිතා කරන්නන් හට ලබා දීමට Google සමාගම බළාපොරොත්තු වන බව දැනගන්නට ලැබෙනවා.
මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය, 9to5google වෙබ් අඩවිය හා CNET වෙබ් අඩවිය භාවිතා කළ හැක.