Google Assistant සඳහා අළුත් voices 6ක් එකතු වෙන බව පහුගිය සතියේ Google ලා announce කලා මතක ඇති. එ් අතර ප්‍රසිද්ධ ගායකයෙකු වන John Legend ගේ කටහඬත් ඇතුලත් වෙන බවත් එයාලා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

කොහොම නමුත් John Legend කටහඬ ලැබෙන්න මේ අවුරුද්දේ අන්තිම වෙනකන් අපිට බලන් ඉන්න වෙනවා. ඒත් මේ වෙනකොටත් වෙනත් voices කිහිපයක් Google Assistant ට එකතු වෙලා තියනවා.

මේ අළුත් voices test කරන්න නම්,

Google Assistant හරි, එහෙමත් නැත්තම් Google Home කියන app එක හරි open කරගන්න.

  • Hamburger button එක tap කරලා එන menu එකෙන් Settings තෝරන්න

  • Settings screen එකට ආවම නැවතත් Google Assistant යටතේ තියන් Settings menu item එක සහ මීළඟ screen එකෙන් Preferences තෝරන්න

  • Preferences screen එකෙන් Assistant voice කියන option එක select කලාම, ඔයාට මේ අළුත් voices ටික තෝරගෙන apply කරගන්න පුළුවන්

මේ වෙනකොට voices 8ක් එයාලා Android වලට සහ iOS වලට නිකුත් කරලා තියනවා. ඔයාට උඩ පෙන්නලා තියනවා වගේ මේ voices ටික පෙන්නන්නේ නැත්තම්, ඔයාගේ Google app එක දැනට තියන latest ම version එකට update කරගන්න.