Huawei, Apple සහා Samsung සමාගම ද අභිබවා යමින් මේ වන විට ලොව විශාලතම ජංගම දුරකථන නිශ්පාදකයා යන කිරුළ හොබවන Xiaomi සමාගම ඔවුන්ගේ ප්‍රධානතම brand name එක වන Mi වෙළඳ නාමය අතහැර දැමීමට තීරණය කර තිබෙනවා.

Xiaomi සමාගමේ ප්‍රධානතම sub-brand වන්නේ Mi, Redmi සහ POCO යන වෙළඳ නාම යුගලය වන අතර, මේ අතරින් ඔවුන්ගේ premium products වෙළඳපොලට ඉදිරිපත් කරනු ලබන Mi වෙළඳ නාමය මේ ආකාරයෙන් අතහැර දැමීමට කටයුතු කෙරෙනවා.

ඒ වෙනුවට ඔවුන්ගේ අනාගත premium නිෂ්පාදනයන් සියල්ල Xiaomi යන නමින් ම වෙළඳපොලට ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ඇති නමුත් budget friendly products වෙළඳපොලට ඉදිරිපත් කරනු ලබන Redmi වෙළඳ නාමයට මෙයින් කිසිඳු වෙනසක් සිදු වන්නේ නැහැ.

Xiaomi සමාගමේ Mi වෙළඳ නාමය යටතේ මුලින්ම නිකුත් වූයේ ජංගම දුරකථනයක් නොව MIUI යන Android custom ROM එක බව ඔබට මතක ඇති. MIUI සීග්‍රයෙන් ජනප්‍රිය වීමත් සමඟින්, 2011 වර්ෂයේදී Mi 1 ජංගම දුරකථනය හඳුන්වාදීමට ඔවුන් කටයුතු කරනු ලැබුවා.

මේ වන විට MIUI එහි 12.5 වැනි සංස්කරණයට පා තබා ඇති අතර, Mi series එක Mi 11 ජංගම දුරකථනය ද වෙළඳ‍පොලට හඳුන්වාදීමට කටයුතු කර තිබෙනවා. මීට අමතරව Redmi, POCO වැනි අනෙකුත් sub-brand හරහා ද ලොව පුරා ඉමහත් ප්‍රසිද්ධියක් සහ පාරිභෝගික ආකර්ශනයක් ලබාගැනීමට Xiaomi සමාගම කටයුතු කර තිබෙනවා.

මෙම rebrand එක අනුව Mi Mix ජංගම දුරකථන මාලාවේ අලුත්ම ජංගම දුරකථනය Xiaomi Mix 4 ලෙස නම් කිරීමට Xiaomi සමාගම කටයුතු කර තිබෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ XDA-Developers වෙබ් අඩවිය භාවිතා කළ හැක.