Apple සමාගම දැන් අවුරුදු දහයකටත් වඩා අපි අතර ගොඩක් ජනප්‍රියත්වයක් ඉසිලුවත්, ඒකත් එක්ක බැඳුණු අමුතුම කතා වල නම් නිමක් නැහැ. මේ කියන්න යන්නෙත් ඒ වගේ පළමුවැනි unlocked iPhone එකත් එක්ක බැඳුනු කතාවක්.

මේ unlock කියලා කියන්නේ carrier-unlock එහෙමත් නැත්තම් එක සේවාදායකයෙකුට පමණක් පහසුකම් සැපයිය හැකි ලෙස lock කරන ලද phone එකක්, ඕනෑම සේවාදායකයෙකු සමඟ බාවිතා කිරීමට හැකි වන සේ සකස් කිරීම කියන අදහසයි.

2007 වර්ශයේ Apple සමාගම විසින් iPhone එක හඳුන්වා දුන්නේ AT&T කියන සමාගමෙන් පමණක් සේවා ලබාගතහැකි ලෙස lock කිරීමෙන් අනතුරුවයි. ඒ කියන්නේ ඔයාට 2007 දී iPhone එකක් භාවිතා කරන්න ඕන නම්, ඔයා අනිවාර්යයෙන්ම AT&T sim card එකක් ගන්න ඕන සහ ඒකත් එක්ක විතරයි මේ අළුතින් ගත්ත iPhone එක වැඩ කරන්නේ.

ඒ කාලේ මේක අළුත්ම අළුත් තාක්ෂණයක් නිසාත්, Apple සමාගමෙන් මේක unlock කරන එක නවත්වන්න ලොකු පරිශ්‍රමයක් දරලා තිබුණු නිසාත් පළමුවැනි iPhone එක Unlock කරන එක ලොකු අභියෝගයක් වුණා. නමුත් George Hotz එහෙමත් නැත්තම් GeoHot ට පුළුවන් වුණා මේ iPhone එක 2007 අගෝස්තු මාසේ වෙනකොට (iPhone එක launch කලේ 2007 ජනවාරි මාසයේ) මේක unlock කරගන්න. ඒ වෙනකොට මෙයාගේ වයස අවුරුදු 17යි.

ඔහුට පුළුවන් වුණා මේ iPhone එක AT&T හැර අනෙකුත් ජාලයන් එක්කත් හොඳින් වැඩ කරන තත්ත්වයට පත් කරගන්න. මේක ගැන මුළු ලෝකයේම අය අවධානයෙන් ඉඳපු නිසාවෙන් මෙයාව එකපාරම ගොඩක් ප්‍රසිද්ධ වුණා. මෙයා මේක කළේ phone එක ගලවලා කරන ලද සකස්කිරීමකින්. ඒක නිසා මේක ඒ තරම් ලේසි ක්‍රමයක් වුණේ නම් නැහැ.

first unlocked iphone

මීට මාසයකට පස්සේ, ඒ කියන්නේ සැප්තැම්බර් මාසය වෙනකොට තවත් hackers ලා කණ්ඩායමක් මේකට software based ක්‍රමයක් හොයාගත්තා. ඒ කියන්නේ තවදුරටත් මේක unlock කරන්න phone එක ගලවන්න වුවමනා වුනේ නැහැ.

ඒ කොහොම වුණත්, මේක කරපු පළවෙනි කෙනා වුණේ Hotz නිසා, එයාගේ ක්‍රමයට 2007 අවුරුද්දේ ලොකු අවධානයක් ලැබුණා. මේ අවධානයත් එක්ක, Certicell කියන සමාගමේ අයිතිකාරයා වුණු Terry Daidone කියන කෙනාට ඕන වුණා මේ unlock කරපු iPhone එක අයිති කරගන්න. ඉතින් එයා තීරණය කළා මේ hacker ට බැහැයි කියන්න බැරි යෝජනාවක් කරන්න. ඒ කියන්නේ Hotz ගේ දෙවෙනි unlocked iPhone එක වෙනුවෙන් Nissan 350Z කාර් එකක් මාරු කරන්න.

Nissan 350Z

මේ පළමුවැනි unlocked iPhone එකෙන්, Hotz ට අවශ්‍යය වුණු නැති තරම් ප්‍රසිද්ධියක් ලැබුණු බව අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ඒ වගේම තවත් ගොඩක් ජනප්‍රිය iPhone jailbreak කරන tool එකක් වුණු limera1n jailbreak tool එක නිර්මාණය කිරීමෙන් පසු, ඒවා පසුපස ගොඩ නැගුණු වාද විවාදත් එක්ක ඔහු, ඔහුගේ කාලය වෙනත් වැදගත් දේවල් වලට යොමු කරන්න තීරණය කළා. ඔහු Google එකේ වගේම Facebook එකෙත් වැඩ කළා. ඊට අමතරව දැන් ඔහු ඔහුටම අයිති vehicle automation සම්බන්ධව machine learning කරන ආයතනයක් වන comma.ai සේවය කරනු ලබනවා.

මේ iPhone unlock එකට අමතරව, Sony සමාගමේ PlayStation 3 කියන gaming console එකත් unlock කරන්න මොහු සමත් වෙලා තියනවා. ඒ වගේම ඔහුගේ custom firmware එක භාවිතා කරගෙන PlayStation වල pirated games එහෙමත් නැත්තම් games වල ව්‍යාජ පිටපත් ධාවනය කරන්නත් පුළුවන් වෙලා තියනවා. මේක Sony සමාගම විසින් firmware update එකකින් නවත්වන්න උත්සාහ කරලත් තියනවා.

මීට අමතරව 2011 මුල් කාලයේදී Hotz විසින් PlayStation 3 එකේ root keys ඔහුගේ වෙබ් අඩවිය හරහා ප්‍රසිද්ධ කරන්නත් කටයුතු කරලා තියනවා. නමුත් දවස් කිහිපයකින් ඒක ඉවත් කරන්නත් සිද්ධ වෙලා තියනවා. ඒ වගේම ඔහුට සහ fail0verflow කියන hacker කණ්ඩායමට විරුද්ධව Sony සමාගම විසින් නඩු පවරන්නත් කටයුතු කරලා තියනවා.

කාලය ගතවෙනවාත් එක්කම Apple සමාගම මේ Jailbreak කරන එක නවත්තන්න ගොඩක් කටයුතු කළා. කොහොම නමුත් තාමත් සැරින් සැරේ මේ Jailbreaks develop වෙනවා.

කලින් තිබුණු iPhones වෙබ්අඩවියකින් හෝ එහෙමත් නැත්තම් මුළු process එකම ස්වයංක්‍රීයව සිදුවන tool එකකින් unlock කලත්, මේ වෙනකොට ඒ තත්ත්වය ටිකක් වෙනස්. අපිට පේන්න තියෙන්නේ ගොඩක් complex විදිහට හැම jail-breaking method එකක්ම වගේ Apple සමාගම විසින් වහන්න කටයුතු කරලා තියන නිසාවෙන්, හැකියාව තිබෙන hacker කෙනෙකු වුණත් මේකට කාළය යොමු කරන්න අකමැති බවක් පෙන්වන බවයි.