නිතරම වගේ Facebook feed එකේ එහේ මෙහේ යන ඔයාලාට, funny meme එකක් දැක්කම ඉස්සෙල්ලම කරන්න හිතෙන දේ තමයි ඒක යාළුවෙකුට යවන එක. නමුත් ඒකට අපිට apps දෙකක් අතර මාරු වෙන්න සිද්ධ වෙනවා. මෙන්න මේ ප්‍රශ්ණයට උත්තරයක් අරන් එන්න තමයි මේ “Send in WhatsApp” කියන තනි Button එක Facebook වෙතින් හඳුන්වා දෙන්නේ හදන්නේ.

මේ වෙනකොටත් picture එකක් share කරන්න Share External කියන option එකෙන් පුළුවන් වුණත්, ඒකටත් apps දෙක අතර මාරු වෙන්න වෙනවා. ඒ වගේම ඔයාට post එකක් හරි video එකක් හරි share කරන්න ඕන නම්, ඒකේ link එක manually copy කරගෙන ගිහින් අදාල app එකේ paste කරන්න වෙනවා. නමුත් මේ අළුත් option එක ආවම මේ process එක ගොඩක් ලේසි වෙනවා.

**අපිට තාමත් මේ ගැන නිල වශයෙන් දැනගන්න ලැබිලා නැහැ. ඒක නිසා මේකේ සත්‍යය අසත්‍යයතාවය තාමත් හරියටම තහවුරු කරගන්න අමාරුයි. නමුත් මේ News එක මේ වෙනකොටත් ගොඩක් දුරට පැතිරිලා ගිහින් හමාරයි. **

The Next Web කියන ප්‍රසිද්ද වෙබ් අඩවියත් එක්ක සම්භන්ධතාවයක් තිබුණු Matt Navarra කියන කෙනා තමයි මේ news එක ගැන හෙලිදරවු කරන්නේ. ඒ වගේම එයා ඒ tip එක ගැන credit එක දෙන්නේ Pritom Mazumdar කියන ඉන්දියානු මෘදුකාංග නිර්මාණකරුවෙකුටයි.

මේ අළුත් Button එක "Send in Messenger" කියන option ගොඩාක්ම සමානයි. නමුත් මේ feature එක කිසියම් users ලා කොට්ඨාශයක් භාවිතා කරමින් දැනටමත් test කරනවාද එහෙමත් නැත්තම් ලඟදීම එන්න තියන feature එකක්ද කියලා වත් අපි තාමත් දන්නේ නෑ.

මේ developer ඉන්දියානුවෙක් නිසා, අපිට අනුමාන කරන්න පුළුවන් මේක region-specific එහෙමත් නැත්තම් තෝරාගත් කලාපයක users ලා ට පමණක් ලැබෙන feature එකක් වේවි කියලා. ඒ වගේම අදාල screenshot එක Android app එකක වගේ පෙණුනත්, තාමත් Andorid වත් iOS වත් Facebook beta apps වල මේ feature එක දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් බොහෝ දුරට මෙය developers ලා ට පමණක් වෙනු වුණු versions වල එහෙමත් නැත්තම් alpha version වල තියන පහසුකමක් විය හැකියි. ඒ කියන්නේ නුදුරු අනාගතයේදීම මේක අපිට ලැබෙන්න තියන සම්භාවීතාවය වැඩියි.

කොහොම වුණත් මේ අළුත් feature එකෙන් අපිට share කරන එක පහසු වෙනවා වගේම Facebook එකට එයාලාගේ platforms අතර ඇති සම්බන්ධතාවය වර්ධනය කරගන්නත් ඉවහල් වේවි.