යම් කෙනෙක්ට යැවු message එකක් එය යැවූ කෙනාගේ outbox එකෙන් මෙන්ම ලැබුන කෙනාගේ Inbox එකෙන් ද delete කිරීමට පහසුකම් සළසන අලුත් පහසුකමක් වන "Unsend" පහසුකම ලඟදීම Facebook Messenger වලට එකතු වෙන බව දැනගන්නට ලැබෙනවා.
මේ වන විටත් Facebook හරහා යවන ලද message delete කිරීමේ හැකියාව තිබුනත් එලෙස මකා දැමිය හැක්කේ එක් පාර්ශවකින් පමණක් වන අතර කෙනෙකුට යැවූ පණිවිඩක් ඔබේ Chat එකෙන් ඉවත් කළ ද අනිත් පුද්ගලයාගේ chat එකෙන් ඉවත් වීමක් සිදු වන්නේ නෑ.
නමුත් මේ Unsend කියන පහසුකම හරහා සියල්ලන්ගේම Inbox වලින් අදාල Message එක ඉවත්කිරීමට පරිශීලකයින්ට අවස්ථාව ලැබෙනවා.
මීට මාස 6 කට පමණ පෙර Facebook සමාගමේ නිර්මාතෘ වන Mark Zuckerberg විසින් යවන ලද message කිහිපයක්, එ්වා ලැබුනු අයගේ Inbox වලින් මකා දමා තිබූ අතර එ් වෙනතුරු කිසිවෙකුට එවැනි පහසුකමක්, එනම් යැවූ message ලැබුන කෙනාගේ inbox එකෙන් ඉවත් කිරීමේ පහසුකමක් ලැබී නොතිබුණි.
මෙම සිදුවීමෙන් පසුව Facebook සමාගම සමාව අයදිමින් පණිවඩයක් නිකුත් කරමින් පවසා සිටියේ එම පහසුකම Facebook භාවිතා කරන්නන් හට ද නුදුරු අනාගතයේදී ලබා දීමට නියමිත බවයි.
ඉතින් මේ ගැන නැවත කරලියට එන්නේ Jane Manchun Wong විසින් සිය Twitter ගිණුමට මෙහි ආකෘතියක් සහිත පින්තූර කිහිපයක් එකතු කිරීමත් සමගයි.
Facebook Messenger is finally working on "Unsend Message" in the app for everyone!
— Jane Manchun Wong (@wongmjane) October 12, 2018
Tip @Techmeme pic.twitter.com/5OtQrmyID3
එසේම ඇය පෙන්වා දෙන පරිදි මේ unsed පහසුකම භාවිතා කළ හැක්කේ අදාල message එක send කර යම්කිසි කාලසීමාවක් ඇතුලත පමණක් වන බවයි. එනම් අදාල කාලසීමාව ඉකුත් වූ පසුව එම පණිවුඩය ඉවත් කිරීමට ඇති හැකියාව ඉවත් වී යනවා.
එසේ නොවුනහොත් පහසුවෙන්ම අපරාධකරුවන් වැනි පුද්ගලයන්ට සාක්ෂ්යය වසන් කිරීම වැනි කටයුතු සඳහා මේ මගින් හැකියාව ලැබෙනු නොඅනුමාන ය.
කොහොම නමුත් මේ පහසුකම ලැබෙන දින වකවානු පිළබදව තවමත් නිශ්චිත ප්රකාශයක් කිරීමට Facebook සමාගම කටයුතු කර නොමැති වුවත් මෙම පහසුකම Instagram භාවිතා කරන්නන් හටද ලැබාදෙනු ඇති බව දැනගන්නට ලැබෙනවා.
මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා androidpolice වෙබ් අඩවිය, cnet වෙබ් අඩවිය හා techcrunch වෙබ් අඩවිය භාවිතා කළ හැක.