Google සමාගම Facebook වලට වඩා අපේ පුද්ගලික දත්ත හා තොරතුරු පියවර ගනනකින් එකතු කරලා තියනවා.

ඉතින් ඒත් අපි ඒ ගැන කතා කරන්නේ නැත්තේ?

Facebook, Inc හි 1.08% කට අධික පෞද්ගලික දත්ත සඳහා ගැටළු මතුවෙලා. internet එකේ ප්‍රචාරණ කටයුතු අපගේ පෞද්ගලිකත්වයට හා යහපැවැත්මට
අනතුරුදායකයි කියන සංකල්පය දැන් මතුවෙලා තියනවා.

Facebook කෙරෙහි අවධානය යොමු කිරීම සාධාරණයි වගේ වුනත්, එක නම් සම්පූර්ණ උත්තරේ වෙන්නේ නෑ.

අප සැලකිලිමත් විය යුතු වන්නේ සමාගම් අපේ දැනුමෙන් හෝ නිශ්චිත අනුමැතියකින් තොරව සමහර පෞද්ගලික දත්ත එකතු කර ගත හැකි බව ගැනයි.
Alphabet Inc හි 1.11% google සමාගම බොහෝ ක්‍රියාමාර්ගවලින් විශාල තර්ජනයක් වෙනවා. Google රැස්කරගත් තොරතුරු ප්‍රමාණය, එහි නිරීක්ෂණ සහ
ළඟා වන අයගේ sites සහ Apps මත වැය කරන කාලය Facebook වලටත් වඩා අධිකයි.

විශේෂයෙන් යුරෝපයේ නව රෙගුලාසි, පරිශීලකයින්ගෙන් වැඩි අවසර ප්‍රමාණයක් ලබාගැනීම Google සහ තවත් ආයතන ගැන එළිදැක්වීමට තවත් හේතුවක් වුණා.
තෝරාගැනීම අනුව බොහෝ පුද්ගලයන්ට සේවා සඳහා පෞද්ගලික දත්ත වෙළඳාමෙන් හොඳක් වෙන්න පුළුවන්. ඒ කොහොම වුණත්, මේ දක්වා අපගේ දත්ත එකතු කර භාවිතා කර ඇති ප්රමාණය තේරුම් අරන් තියෙන්නෙ අපෙන් කීප දෙනෙක් විතරයි.

"පද්ධතිමය ගැටලුවක් පවතින අතර එය ෆේස්බුක් වලට පමණක් සීමා නොවේ"
යයි Princeton විශ්වවිද්‍යයාලයේ පරිගණක විද්‍යාඥයෙකු සහ සහකාර මහාචාර්ය වරයෙකු වන අර්වින් නාරායනන් පවසයි. ඔහු තර්ක කරන පරිදි විශාල ගැටලුවක් වන්නේ මෙම සමාගම්වල ව්‍යාපාරික ආකෘතිය පුද්ගලිකත්වය උල්ලංඝනය කිරීමක් ලෙසයි. මේ සඳහා Google හි ක්‍රියාකලාපය ද තේරුම් ගත යුතුයි.

Google දත්ත ගවේෂණය කරන්නේ කෙසේද?

නීතිඥයන් හා සෙසු අය ෆේස්බුක් ගිණුම් නොමැති අය ගැන රැස් කරන දත්ත ඉල්ලලා තියනවා. සමාගම එම පදය භාවිතා කරන්නේ නැත, නමුත් පරිශීලකයින් නොවන අයවද නිරීක්ෂණය කරයි.

Google සමාගමේ shadow profiles, Facebook එකට දෙවනි නොවන මට්ටමට තියනවා නමුත් අඩුවෙන්ම අනන්යතාව සොරකම් කිරීමට එරෙහි මෘදුකාංගයක් නිර්මාණය කරන බව TrackOff හි ප්‍රධාන විධායක නිලධාරි චේන්ලර් ගිවන් පවසයි.