පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී Microsoft සමාගමේ හිමිකරු වන Bill Gates පසු කරමින් ලොව ධනවතුන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට පත්වීමට Elon Musk සමත් වූ බව අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

2017 වර්ෂයේ සිට ලොව ධනවතුන්ගේ ලැයිස්තුවේ පළමු ස්ථානය හිමි කරගෙන සිටියේ Amazon සමාගමේ හිමිකරු, Jeff Bezos විසින් වන නමුත් මේ වන විට Elon Musk විසින් ඔහුව පරදමින් ලොව ධනවත්ම මිනිසා බවට පත්වීමට සමත් වී තිබෙනවා.
Bloomberg Billionaires Index එකට අනුව මේ වන විට Elon Musk ගේ වත්කම ඇමෙරිකානු ඩොළර් බිලියන 195ක් වන අතර, Jeff Bezos ගේ සම්පූර්ණ වත්කම ඩොළර් බිලියන 185ක් ලෙස සටහන් වෙනවා.
How strange
— Elon Musk (@elonmusk) January 7, 2021
Well, back to work …
— Elon Musk (@elonmusk) January 7, 2021
Tesla සමාගමේ කොටස් වලින් 20%ක පමණ ප්‍රමාණයක් Elon Musk ට හිමි අතර, පසුගිය කාළසීමාව තුළ Tesla සමාගමේ කොටස් වෙළඳපොල මිල සීඝ්රයෙන් ඉහළ යාමට හේතුව ලෙස බොහෝ දෙනා පෙන්වාදෙනවා.
කොහොම නමුත් ඔහුගේ වත්කම බිලියන 195ක් වුවත්, ඔහු සතුව මෙම වටිනාකම මුදලින් නොමැති අතර එම වටිනාකමට අදාල සමාගම් කොටස් වලින් මෙම අගය සකස් වී ඇති බව මතක තබාගත යුතු වෙනවා.
Tesla සමාගමේ කොටස් වලින් 20% ක් සහ SpaceX සමාගමේ කොටස් වලින් 48%ක් පමණ Elon Musk ගේ මෙම බිලියන 195ක වත්කම උපයාගැනීමට විශාල දායකත්වයක් ලබාදී ඇති බව Bloomberg වෙබ් අඩවිය පෙන්වා දෙනවා.
I am selling almost all physical possessions. Will own no house.
— Elon Musk (@elonmusk) May 1, 2020
එසේ වුවත් ඔහුගේ මෙම ව්‍යාපාරික කොටස් ඇපයට තබා බැංකු හරහා ණය මුදල් ලබාගෙන නව ව්‍යාපාරික අවස්ථා වලට ආයෝජනය කිරීමට ඔහුට හැකියාව තිබෙනවා. විශේෂයෙන්ම 2018 වර්ෂයේදී Boeing සමාගමට ඩොළර් මිලියන 100ක මුදලක් ආයෝජනය කිරීම මෙයට උදාහරණයක් ලෙස පෙන්වාදිය හැකි වෙනවා.
එමෙන්ම ඉදිරියේදී Tesla සමාගමේ කොටස් වල අගය තවත් තුන් ගුණයකින් පමණ ඉහළ යනු ඇති බවත්, ඒ අනුව ලොව ප්‍රථම ට්‍රිලියනපතියා වීමට Elon Musk ට හැකියාව ලැබෙනු ඇති බවත්, තවත් බිලියනපතියෙකු වන චමත් පලිහපිටිය මහතා CNBC ආයතනය සමඟ පැවති සාකච්ඡාවකදී පෙන්වාදී තිබෙනවා.
මේ හේතුව නිසාවෙන් දැනට Tesla සමාගමේ කොටස් හිමි shareholder වරුන් හට අවවාද කරමින් ඔහු ප්‍රකාශ කරන්නේ එක share එකක් හෝ විකිණීමට කටයුතු නොකරන ලෙසයි.
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ CNBC වෙබ් අඩවිය භාවිතා කළ හැක.