මේ වෙනකොට අපි හිතනවාට වඩා අපේ phone වලට ඇබ්බැහි වෙලා තියනවා. විශේෂම දේ තමයි, අපි දන්නෙත් නෑ අපි මේකට ඇබ්බැහි වෙලා කියලා, නමුත් දන්නෙම නැතුව අපිට phone එක නැතිව ටික වෙලාවක් ගත කරන්න ගියාමත් මානසිකව පොඩි අපහසුතාවයක් දැනෙන්න ගන්නවා. අපි බස් එකක, train එකක හිටියත් එහෙමත් නැත්තම් meeting එකක, restaurant එකක හිටියත්, දන්නෙම නැතිව phone එක අතට ගන්න එක පුරුද්දක් වෙලා. ඒ හැම වෙලාවකදීම වගේ අපි උත්සාහ කරනවා Facebook එකේ, එහෙමත් නැත්තම් Instagram එකේ හරි මොනවද අළුතින් වෙන්නේ කියලා දැනගන්න.

ඒ වගේම මේ දවස් වල ගොඩක් ජනප්‍රිය මාතෘකාවක් තමයි මේ digital wellbeing කියන එක. ඔන්න Siempo කියලා අළුත් app එකක් නිර්මාණය කරලා තියනවා මේ ජංගම දුරකථන ඇබ්බැහිය අඩු කරගන්න ලේසි වෙන්න ඒ කියන්නේ phone එක අපේ අවධානය දිනාගන්න එක අඩු කරන්න.

මේ app එක දැනට තියෙන්නේ Android වලට විතරයි. මේක සම්පූර්ණයෙන්ම වැඩ කරන්නේ android launcher එකක් විදිහට. ඒ කියන්නේ ඔයාගේ දැනට තියන launcher එක මේකෙන් replace වෙනවා. ඔයාගේ home screen එක මේකෙන් ටිකක් සරළ කරනවා ඒ වගේම colorfulness එකත් අඩු කරනවා.

මේ Siempo app එකට පුළුවන් ඔයාට නිතරම ඕන වෙන tools ටික හැර ඔයාගේ වේලාව නාස්ති කරන apps ටික වෙනම අඳුරගන්න. ඒ වගේම ඒවා එක එක වෙලාවට එක එක තැන් වලට මාරු කරන්නත් මේකෙන් කටයුතු කරනවා. ඒකෙන් ඔයාට නිතරම ඒ apps වලට යන එක අඩු කරගන්න පුළුවන් වෙනවා කියලා එයාලා අදහස් කරනවා.

ඒ වගේම ඔයාට නිතරම එන notifications වලින් වෙන බාධාවන් මේකෙන් අඩු කරන්නත් එයාලා කටයුතු කරලා තියනවා. ඒ කියන්නේ උදාහරණයක් ලෙස මිනිත්තු 30ක් ඇතුලත එන notifications හැම එකක්ම ඒ එන සැරයක් ගානේ පෙන්වන්නේ නැතිව, ඒ notification set එකම මිනිත්තු 30ට එක පාරක් පෙන්නන්වා.

මීට අමතරව ඔයාගේ lock screen එකට "Not letting my phone to use me" වගේ තමන්ට හිත පාලනය කරගන්න පුළුවන් විදිහේ motivational පණිවිඩයක් සකසා තබන්නත් ඔයාට පුළුවන්.

Siempo

ඔයාට Phone එකෙන් වෙනදා කරන හැම දෙයක්ම කරන්න පුළුවන් වුණත් සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක මහ කරදරයක් කියලා. නමුත් මේකේ අදහස වෙන්නේ අපි ආස වෙන්නේ ගොඩක් ලස්සනට තියෙන දේවල් වලට නිසා, ඒ ලස්සන අඩු කිරීමෙන් ඒ වෙත තියෙන ආකර්ශනය අඩු කිරීමයි.

Download Siempo


ඔයා iPhone (iOS 10+) භාවිතා කරන කෙනෙක් නම්, ඔයාට පුළුවන් කිසිම අමතර app එකක් install නොකරම ඔයාගේ screen එක grayscale color mode එකට මාරු කරගන්න.

  1. Settings > General > Accessibility >Display Accommodations >Color Filters වෙතට යන්න
  2. Color Filters වලින් Grayscale තොරගන්න

මේක හැම වෙලාවේම කරන්න අමාරු විදිහක් නිසා, අපිට පුළුවන් ඒකට shortcut එකක් භාවිතා කරන්න.

  1. Settings > General > Accessibility > Accessibility Shortcut > Color Filters වලට යන්න
  2. දැන් ඔයාගේ home button එක 3න් පාරක් press කරන්න

දැන් ඔයා home button එක 3න් පාරක් press ඛලාම grayscale mode එකටත් නැවතත් 3න් පාරක් press කලාම normal color mode එකටත් ලේසියෙන්ම මාරු වෙන්න පුළුවන්.