Google සමාගම විසින් ජංගම දුරකථන සඳහා Android මෙහෙයුම් පද්ධතිය සංවර්ධනය කරන්නාක් මෙන් පරිගණක සඳහා නිර්මාණය කළ මෙහෙයුම් පද්ධතිය තමයි Chrome OS කියලා කියන්නේ.

ඉතින් පසුගිය කාළ සීමාව තුල මේ Chrome OS එකට නොයෙක් විදිහේ පහසුකම් එකතු කිරීමට Google සමාගම යුහුසුළුව කටයුතු කළා දකින්නට ඇති. මේ Chrome OS එක මත Android apps, games ධාවනය කරන්නත් හැකියාව තියනවා. ඒ වගේම මේ වන විටත් Chromebook පරිගණක පණගැන්වෙන්නේ මේ Chrome OS එක හරහායි.

විශේෂයෙන්ම මේ මෙහෙයුම් පද්ධතිය web-focused, එහෙමත් නැතිනම් අන්තර්ජාලය සහ වෙබ් සේවාවන් මූලික කරගෙන නිර්මාණය කර ඇති නිසා, මේ සඳහා වැඩි බලයක් සහිත hardware අවශ්‍යය වෙන්නේ නැහැ.

ඉතින් මේ හේතුව නිසාම අපිට අපේ පරණ computer එකේ අලුත් විදිහට වැඩ කරන්න මේ Operating system එක භාවිතා කරන්න හැකියාව තියනවා. ‍මේ වන විට XDA developer forum එකේ ඉන්න developer කෙනෙක් මේ Chrome OS එක ඕනෑම පරිගණකයක හෝ tablet එකක ස්ථාපනය කළ හැකි ක්‍රමයක් ඉදිරිපත් කිරීමට කටයුතු කරලා තියනවා.

කොහොම වුණත් මේ ක්‍රමය නම් තවමත් ටිකක් complex ක්‍රමයක්. නමුත් මේ වෙනතුරු අපිට Chrome OS එකේ අත්දැකීම ලබාගන්න නම් Chromebook එකක් ම ඕන වුණත් දැන් ඒ බාධකය මේ සමඟින් මඟහැරී තිබෙනවා.

Chrome OS එක තමන්ගේ පරිගණකයේ ස්ථාපනය කරගැනීම පිළිබඳ විස්තර සඳහා එහි නිළ XDA thread එක ද, මේ පුවත ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා XDA Developers වෙබ් අඩවිය ද භාවිතා කළ හැක.