Self-driving car එහෙමත් නැතිනම් Autonomous car කියල කියෙන්න මේ වෙනකොට ලෝකයේ ගොඩක් ජනප්‍රිය දෙයක් වුණත් self-driving motorcycle කියන්නේ තවමත් ඉතාමත් අඩුවෙන් කතා බහට ලක්වෙන මාතෘකාවක්.

Car එකකට self driving පහසුකමක් එකතු කිරීම ටිකක් පහසු දෙයක් වුණත්, motor cycle එකකට මේ තාක්ෂණය එකතු කිරීම සාපේක්ෂ වශයෙන් ඉතාමත් අපහසු කටයුත්තක් බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.

උදාහරණක් ලෙස හදිසි අවස්ථාවක එකවර Brake කිරීමක් වගේ දෙයක් මෝටර් රථයක කරන්න පුලුවන් වුනත් යතුරු පැදියක මේ වගේ දෙයක් එකවර සිදු කලහොත් යතුරුපැදිකරුවා ඉවතට විසි වී යාමට වුවත් ඉඩ තියෙනවා. ඉතින් එ් වගේ දේවල් ගැන සැලකිලිමත් වීම මේ කාරණයේදී අත්‍යාවශය වෙනවා.

Track එකක් ඔස්සේ තනියම ගමන අාරම්භ කරලා තමන්ට හමුවන වංගු පසුකරගෙන ගමනාන්තය දක්වා සාමාන්‍යය යතුරුපැදියක් ආකාරයට ගමන් කරන්න BMW සමාගම විසින් නිර්මාණය කරපු මේ යතුරු පැදියට හැකියාව තිබෙන අතර ගමනාන්තයේදී යතුරුපැදිය පෙරලීමකින් තොරව තනිවම නතර කරගැනීමටද මේ අනුව හැකියාව ලැබී තිබෙනවා.

BMW සමාගම විසින් වසර දෙකක කාලයක් පුරාවට කරනු ලැබූ අත්හදාබැලීම් වල ප්‍රතිඵලයක් ලෙස මෙම යතුරුපැදිය නිර්මාණය කර ඇති අතර මේ project එකට සම්බන්ධ වෙලා ඉන්න ප්‍රධන ඉනිජිනේරුවරයා වන Stefan Hans විසින් ප්‍රකාශ කරනු ලබන ආකාරයට ඔවුන්ගේ උත්සාහය වන්නේ තනිවම ගමන් කිරීමට හැකියාව ඇති යතුරුපැදියක් නිර්මාණය කිරීමට නොවේ.

ඔහු පවසන අාකාරයට ඔවුන්ගේ මේ උත්සාහය වන්නේ මාර්ග අනතුරු අඩුකීරීමට මෙන්ම හදිසි අවස්ථාවකදී ක්‍රියාත්මක වී යතුරුපැදිකරුට උදව්වක් වන යතුරුපැදියක් නිර්මාණය කිරීමයි. එමෙන්ම Self Driving motor cycle කියන අදහස තවදුරටත් විද්‍යා ප්‍රබන්ධ වලට පමණක් සීමා නොවන බවද Stefan Hans වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.