දකුණු කොරියාව සමඟ ගැටීමට Apple සමාගම Samsung සමාගමේ හිටපු උප සභාපති බඳවා ගනී.

දකුණු කොරියා‍වේ විශාලතම දුරකථන නිපදවන්නාට උග්‍ර ගෝලීය තරඟකාරිත්වය හමුවේ ඔවුන්ගේ උප සභාපති අහිමි විය.

Apple සමාගම ඔවුන්ගේ ප්‍රභලම තරඟකරුවා වන Samsung සමාගමේ මූලස්ථානය පිහිටි දකුණු කොරියාව සඳහා අළුත් නායකයෙකු පත් කරණ ලදී. ඒ වෙන කිසිවෙකු නොව Samsung සමාගමේම ප්‍රධාන විධායක වරයෙකි.

Samsung සමාගමේ හිටපු උප සභාපති වන Brandon Yoon තම ධූරයෙන් ඉවත් වී Apple සමාගමේ දකුණු කොරියා කාර්යයාලය සමඟ සම්බන්ධ වී ඇත. තම Linkedin Profile එක හරහා ඔහු එය හෙළිදවු කර ඇත. ඔහු කළින් Samsung සමාගමේ විද්‍යුත් උපක්‍රමික සම්බන්ධ ප්‍රධානියා ලෙස කටයුතු කර ඇති අතර දැන් Apple සමාගමේ සාමාන්‍යය කළමණාකරු ලෙස කටයුතු කරණු ඇත.

අත්දැකීම් බහුල මෘදුකාංග විශේෂඥයෙකු වන Yoon තම දැනුම ඉදිරියට දකුණු කොරියානු Apple සමාගම වෙනුවෙන් යොදවනු ඇත.

Apple නිශ්පාදන Samsung වලට වඩා 17% ක ගෝලීය වෙළඳපල කොටසකට හිමිකම් කියයි

Samsung සමාගම Yoon ගේ හැරයාම පිළිබඳව අදහස් නොදක්වන අතර Apple සමාගමද නිහඬ පිළිවෙත් අනුගමනය කරයි.