පසුගිය සැප්තැම්බරයේ වෙළඳපොළට නිකුත් වුණ නවතම Apple iPhone 16 මාදිලි වල උණුසුම පහ වෙන්නටත් කලින් එළඹෙන 2025 වසරේ අග භාගයේ නිකුත් වේ යැයි අනුමාන කෙරෙන iPhone 17 දුරකථන පෙළ පිළිබඳව විවිධ ආරංචි තාක්ෂණික ලොව කළඹන්නට පටන් අරන් තියෙනවා.
පසුගිය Apple event එකේදී නව අයිෆෝන් මාදිලි 4ක් (iPhone 16, 16 Plus, 16 Pro, 16 Pro Max) වෙළඳපොල වෙත හඳුන්වා දුන්නා. වසර කිහිපයක සිට පවත්වාගෙන ආ මේ මාදිලි නාමයන් පෙළ වෙනස් කරන්නට එළඹෙන වසරේදී ඇපල් සමගම සුදානම් වන බව CNET, The Information සහ Bloomberg ඇතුළු වෙබ් අඩවි ගණනාවක් සහ KGI Securities හි market analyst කෙනෙක් වන Ming-Chi Kuo ත් සඳහන් කර තිබුනා. ඔවුන්ට අනුව iPhone 17 දුරකථන මාදිලි පෙළට Plus දුරකතනයක් ඇතුලත් වන එකක් නැහැ.
17 Plus දුරකතනයක් වෙනුවට iPhone 17 Slim නමින් දුරකතනයක් වෙළඳපොළට නිකුත් කිරීමට ඇපල් සමගමේ සුදානමක් ගැන තමයි ඔවුන් ආරංචි පල කරන්නේ. මේ නව iPhone 17 Slim දුරකථනය කැමරාව සහ දුරකතනයේ Processing power එකට වඩා දුරකනයේ සිහින් බව සහ පෙනුම පිළිබඳව වැඩි අවධානයක් යොමු කෙරෙමින් නිර්මාණය වනු ඇති බව තමයි ආරංචි පල වෙන්නේ.
iPhone 17 Slim දුරකථනය බොහෝ විට මෙතෙක් නිකුත් වූ සිහින් ම අයිෆෝන් දුරකථනය බවට පත් වේවි. ඒවගේම මෙතෙක් පළවන ආරංචි වලට අනුව දුරකතනයේ specifications පහත පරිදි වේවී කියලා අනුමාන කෙරෙනවා.
Option | Value |
---|---|
Screen size | Approximately 6.6 inches |
Screen resolution | Approximately 2,740 x 1,260 |
Processor | A18 / A19 chip (with the higher-end iPhones using the A19 Pro) |
Dynamic island area | Similar to current models |
RAM | 8GB |
Main Camera | 48MP |
Front Camera | 24MP |
මීට අමතරව iPhone 17 Slim හි තිරය LTPO screen technology හා සබැඳිව ඉහල 120Hz refresh rate එකක් සහිත විය හැකි බව The Elec වෙබ් අඩවිය සඳහන් කරනවා. iPhone 17 මාදිලි සියල්ලන් වෙතම ProMotion technology තාක්ෂනය භාවිත වනු ඇති බව MacRumors.com අනුමාන කරනවා. දුරකතනය නිමවන අමුද්‍රව්‍ය පිලිබඳවත් විවිව්ද මත පලවෙනවා.
Pu සහ Kuo විශ්ලේෂකයන් දෙදෙනා 17 slim දුරකතන වල නිමාවන් ගැන (සිදුවීමේ වැඩි සම්භාවිතාවන් ඇති) මත දෙකක් පල කර තිබෙනවා. Pu පවසන්නේ iPhone 17 Slim (base සහ Pro මාදිලි සමඟ) "complex aluminum” ද්‍රව්‍යයකින් නිමවෙනු ඇති බවයි, Kuo ට අනුව iPhone 17 Slim ඔබ වෙත එන්නේ "ටයිටේනියම්-ඇලුමිනියම් මිශ්ර ලෝහ රාමුව." සහිතවයි.
iPhone SE දුරකතනයේ single-camera setup එක අනුව යමින් මේ iPhone 17 Slim එක 48MP main camera එකක් සහිතව වෙළඳපොළට නිකුත් වීමට වැඩි ඉඩක් ඇති බවත් 24MP front-facing camera එකකින් මෙය සමන්විත වේ යැයි අනුමාන පල වෙනවා.
මේවාට අමතරව Apple සමාගමෙන් නිර්මාණය වූ නව 5G modem එකක් හා physical SIM slot එකක් රහිතව මේ නව iPhone 17 මාදිලි වෙළඳපොළට පැමිණෙනු ඇතැයි තාක්ෂණික ලෝකය දෙසින් කතාබහක් ඇතිව තිබෙනවා. මේ දුරකථනය වෙත ඇමරිකානු ඩොලර් $899 වැනි මිලක් නියමවේවි කියලා තමයි දැනට නම් අනුමාන කෙරෙන්නේ.
2025 මැද භාගය වෙනකොට අපිට මේ ආරංචි වලින් කොයි තරමක් ඇත්තද කියන එක හරියටම දැනගන්න පුළුවන්.
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Information වෙබ් අඩවිය සහ CNET වෙබ් අඩවිය භාවිතා කළ හැක.