Apple, Elon Musk, Barack Obama, Bill Gates ඇතුළු ජනප්රිය Twitter ගිණුම් රාශියක් හැකර්වරුන්ගේ ග්රහණයට ලක් වූ පුවතක් වාර්ථා වන අතර මෙය cryptocurrency වංචාවක් වෙනුවෙන් සිදු කරනු ලැබූ ප්රහාරය් බව දැකගත හැකි වෙනවා.
Followers ලා මිලියන ගණනක් සිටින ප්රසිද්ධ Twiter ගිණුම් ඉලක්ක කරගෙන ක්රියාත්මක වී තිබුණු මෙම හැකර් ප්රහාරය මූලිකව @bitcoin, @ripple, @coindesk, @coinbase and @binance වැනි cryptocurrency සම්බන්ධ ආයතන වල ගිණුම් වලටත්, පසුව Apple, Elon Musk, Joe Biden, Kim Kardashian West, Jeff Bezos, Bill Gates, Barack Obama, Wiz Khalifa, Warren Buffett, YouTuber MrBeast, Wendy’s, Uber, CashApp සහ Mike Bloomberg වැනි අනෙකුත් ගිණුම් වලට ද එල්ල වී තිබෙනවා.
We are aware of a security incident impacting accounts on Twitter. We are investigating and taking steps to fix it. We will update everyone shortly.
— Twitter Support (@TwitterSupport) July 15, 2020
විශේෂයෙන්ම Verified Twitter ගිණුම් ඉලක්ක කරගෙන සිදු කර ඇති මෙම ප්රහාරය මගින් එම ගිණුම් හරහා Bitcoin wallet වල address භාවිතා කරමින්, අදාල Bitcoin wallet වලට එවනු ලබන Bitcoins ප්රමාණය මෙන් දෙගුණයක් නැවත වරක් ලබාදෙන බව පවසමින් Tweet පණිවිඩ පළ කිරීමට කටයුතු කර තිබෙනවා.
Note: පහත සඳහන් වන Tweet පණිවිඩ හැකර්වරුන් විසින් පළ කළ ඒවා වන අතර කිසිඳු bitcoin wallet එකකට bitcoin transfer කිරීමට කටයුතු නොකරන්න.



මේ ප්රහාරයට සම්බන්ධ හැකර්වරුන් ගැන හෝ ප්රහාරය සිදු වූ ආකාරය පිළිබඳව තවමත් විස්තරයක් වාර්ථා නොවන නමුත්, මේ ප්රහාරයට ලක් වුණු Twitter ගිණුම් වල email address වෙනස් කිරීමට ද හැකර්වරුන් කටයුතු කර ඇති අතර, ඒ නිසාවෙන් එය නැවතත් ලබාගැනීමට සැබෑ හිමිකරුට අවස්ථාවක් නොලැබී යනවා.
We’re continuing to limit the ability to Tweet, reset your password, and some other account functionalities while we look into this. Thanks for your patience.
— Twitter Support (@TwitterSupport) July 15, 2020
මේ වන විට මෙම තත්ත්වය සමනය කරගැනීම සඳහා Twitter ආයතනය කටයුතු කරමින් සිටින අතර, password reset කිරීම, Tweets පළ කිරීම ඇතුළු හැකියාවන් රැසක් සඳහා සීමා පැනවීමට ඔවුන් කටයුතු කර තිබෙනවා.
එමෙන්ම මේ සඳහා Bitcoin wallet ගණනාවක් යොදාගෙන ඇති බැවින් එය track කිරීමද ඉතා අපහසු කටයුත්තක් වී ඇති බව වාර්ථා වන අතර, මේ සඳහා යොදාගනු ලැබූ ප්රධාන wallet එකට මේ වන විට Bitcoins 12.5ක් පමණ, එනම් ඇමෙරිකානු ඩොලර් 116,000ක් පමණ ලැබී ඇති බව වාර්ථා වෙනවා.
මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Twitter Support ගිණුම, The Verge වෙබ් අඩවිය සහ Tech Crunch වෙබ් අඩවිය භාවිතා කළ හැක.