ආරක්ෂණ මෘදුකාංග එහෙමත් නැත්තම් security softwares නිර්මාණය කරන ප්‍රසිද්ධ සමාගමක් වන Avast සමාගම විසින් හොයාගෙන තියන විදිහට adware එහෙමත් නැත්තම් විවිධ උපක්‍රම භාවිතා කරමින් user ට ඉවත් වෙන්න අමාරු/නොහැකි වෙන ලෙස ads පෙන්වන apps 26ක් පමණ Google Play Store එකේ තියනවා.

මේ apps ගොඩක් වෙලාවට නිර්මාණය කරලා තියෙන්නේ Apache Cordova කියන framework එකෙන්. මේක සාමාන්‍යය android app එකක් විදිහට පෙනුනත් ඒක වැඩ කරන්නේ සාමාන්‍යය app එකකට තරමක් වෙනස් ආකාරයකටයි. ඒ නිසා මෙහි ඇති අනතුරුදායක code segments අඳුරගන්න AI මත පදනම් වුණු Google Play Protect එකට ටිකක් අමාරුයි. ඒ වගේම එකිනෙකට වෙනස් developer නාම වලින් පෙනී සිටීමත්,වෙන වෙන categories වලින් publish කර තිබීමත් සහ downloads count එක වැඩි වීමත් නිසා මේ හැම app එකක්ම එක විටම Play Store එකෙන් ඉවත් කිරීම වැලකෙනවා.

මේ විදිහේ app එකක් ඔයා බැරි වීමකින් හරි download කලොත් එහෙම, ඔයා ඒක පළමුවෙනි වතාවට open කලාම, ඒකේ launcher එකේ තියන icon එක නොපෙනී යනවා. ඒ කියන්නේ ඔයාට ඒක ආපහු හොයාගන්න අමාරු වෙනවා. ඒ වගේම කරදරකාර ads එන්නේ මොන app එක නිසාද කියලවත් ඔයාට ඊට පස්සේ හිතාගන්න බැරි වෙනවා.

Lock screen එකෙන් මතුවෙන Ads

මේ වගේ app එකක් දාගත්තොත් ගොඩක් වෙලාවට ඔයාගේ lock screen වගේම home screen එකෙත් ads පෙන්නන්න ගන්නවා. මීට අමතරව, ඔයාගේ Phone එක වෙනමම අඳුරගන්න පුළුවන් ID එකක් තියනවා unique identifier කියලා, අන්න ඒක සහ ඔයාගේ Android version එක, දැනට භාවිතා කරන apps වල package names ටික වගේ ගොඩක් තොරතුරු ඒ අනතුරුදායක app එකට අදාල servers වල ගබඩා කරගන්නවා. මීට අමතරව, Avast ලා කියන විදිහට තවත් වෙන වෙන apps වල links එනකන් මේ apps බලාගෙන ඉඳලත් තියනවා. ඔයාටත් සමහර වෙලාවට අත්දකින්න ලැබිලා ඇති අපි install නොකරපු apps automatically ම install වෙන වෙලාවන්. අන්න ඒ වගේ දේවල් වෙන්නේ මේ වගේ apps වලින්.

කොහොම වුණත් මම අර උඩින් කියපු විස්තර අපි ගැන ඔත්තු බලන්න භාවිතා කරලා නැති නමුත් ඒ තොරතුරු භාවිතා කරලා ඔයාගේ Phone එකට ගැලපෙනම විදිහේ ads එවන්න නම් එයාලා කටයුතු කරලා තියන බව තමයි වැඩිදුරටත් Avast ලා කියන්නේ.‍

Android Malware

ගොඩක්ම මේ adware apps download කරපු usersලා ඒවාට අදාල reviews දාලා තිබුණත්, සමහර වෙලාවට ඒ අතර 5 star rated reviews එහෙමත් තිබිලා තියනවා. නමුත් ඒවා හොර reviews විය හැකි බව තමයි Avast ලා පවසන්නේ.

කොහොමද මේවායින් බේරෙන්නේ

Google ළා කියන විදිහට මේ apps දැන් Google Play එකෙන් ඉවත් කරලාලු තියෙන්නේ. නමුත් ඒවායින් එකක් හෝ කිහිපයක් දැනටමත් ඔයාගේ phone එකේ තියනවා නම් ඒක ඉවත් කරගන්න ක්‍රම දෙකක් තියනවා.

  1. Google Play Store එකට ගිහින් එහි My apps & games වල ඇති Installed කියන tab එකෙන් ඔයා නොදැනුවත්ව install වුණු apps තියනවා නම් ඉවත් කරන්න පුළුවන්
  2. එහෙමත් නැත්තම් ඔයාගේ phone එකේ settings වල තියන Apps කියන කොටසින් ඔයා දන්න සහ භාවිතා කරන apps හැරෙන්නට අනෙකුත් නොදන්නා apps ඉවත් කර දමන්න. (සමහර system apps ඉවත් කරන්න දෙන්නේ නැහැ. ඒක සාමාන්‍යයි වගේම ප්‍රශ්ණයක් නැහැ.)

ඒ වගේම ආපහු ඔයා app එකක් install කරන්න කලින්, අනිවාර්යයෙන්ම ඒකේ rating සහ reviews කියවලා බලන්නත් අමතක කරන්න එපා.