අලුත් iOS සංස්කරණයක් නිකුත් කළ විට Apple සමාගම විසින් නම් කරන iPhone මාදිලියක සිට ඊට පසු නිකුත් කරන ලද සියළුම iPhone වලට ලැබෙන නමුත්, Android වල software updates ලැබීමේ තත්ත්වය මීට හාත්පසින්ම වෙනස් බව ඔබ දන්නවා ඇති.

විශේෂයෙන්ම Android මෙහෙයුම් පද්ධතිය ජංගම දුරකථන නිෂ්පාදකයින් බොහෝ දෙනෙකු විසින් භාවිතා කරනු ලබන බැවින් මෙන්ම, එකිනෙකා භාවිතා කරනු ලබන UI Framework විවිධත්වයෙන් යුතු වන නිසා, අලුත් Android සංස්කරණයක් නිකුත් වුණත්, එය update එකක් ලෙසින් පැරණි ජංගම දුරකථන වෙත ළඟා වන්නේ ඉතාම සුළු පිරිසකට පමණයි.

Android Updates ලැබෙන්න කල් ගතවෙන ‌‌‌හේතුව Sony සමාගම විසින් පැහැදිලි කරයි
පසුගිය දිනක නිකුත් වුණු Android 9 Pie එකත් එක්කම බොහෝ ජංගම දුරකථන නිෂ්පාදකයින්තමන්ගේ devices වලට මේ අළුත් update එක ඉතාමත් ඉක්මණින් ලබා දෙන්නට උත්සාහ කරනු ලබනඅතර, stock Android [https://www.quora.com/What-does-the-term-Stock-Android-mean] වලට ඉතාමත් ආසන්න version එකක් භාවිතා කරනු ලබන බොහෝ දුරකථන …

කොහොම නමුත් මේ වන විට Google සමාගම විසින් ඔවුන්ගේ Android Blog එක හරහා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටින්නේ මේ දක්වා නිකුත් කරනු ලැබූ සියළුම Android සංස්කරණ අභිබවා, Android 10 සංස්කරණය බොහෝමයක් ජංගම දුරකථන වලට update එකක් ලෙස ලබාදීමට ජංගම දුරකථන නිෂ්පාදකයින් කටයුතු කර ඇති බවයි.

මේ අනුව Android 10 සංස්කරණය නිකුත් කරනු ලැබූ දින සිට මාස 5ක් ඇතුලත, devices මිලියන 100කට අධික ප්‍රමාණයක Android 10 සංස්කරණය ස්ථාපනය කිරීමට කටයුතු කර ඇති බවත්, එය Android Pie වලට වඩා 28% ගුණයක වර්ධනය වීමක් බවත් Google සමාගම වැඩිදුරටත් පෙන්වා දෙනවා.

ක්‍රම-ක්‍රමයෙන් Android updates ලබාදීම පහසු කරවීම සඳහා Google සමාගම විසින් ජංගම දුරකථන නිෂ්පාදකයින් සඳහා විවිධ පහසුකම් ලබාදීමට කටයුතු කළ අතර Android Oreo සමඟින් Project Treble, Android Pie සමඟින් Generic System Image (GSI), Android 10 සමඟින් Project Mainline වැනි ක්‍රමවේදයන් හඳුන්වාදීම මෙම කටයුත්ත සාර්ථක කරගැනීමට ඉවහල් වී ඇති බව දැකගත හැකි වෙනවා.

ප්‍රථම වතාවට Android System Update එකක් Google Play Store එක හරහා නිකුත් කිරීමට කටයුුතු කරයි
Android platform එක මත updates ලබා දෙන ප්‍රධාන ක්‍රම දෙකක් තිබෙන අතර එක ක්‍රමයක්වන්නේ Google Play Store එක හරහා ජංගම දුරකථනයේ Install කර ඇති Apps වලට updatesලබා දීමයි. අනෙක් ක්‍රමය වන්නේ Android System updates සඳහා වෙනමම නිර්මාණය කර ඇති SystemUpdates app එක හරහා, Android මෙහෙයුම් පද්ධතියේ OTA up…
Project Mainline සමඟින් Google Play Store හරහා system update ලබාදීම

මේ වන විට Android 11 වල stable ‍සංස්කරණය නිකුත් කිරීමට සූදානමින් පවතින අතර මෙහි Developer Preview වැඩසටහන සඳහා ජංගම දුරකථන නිෂ්පාදකයින් 7 දෙනෙකු පමණ දැනටමත් සහභාගී වී ඇති බවත්, දැනට පවතින පහසුකම් සමඟින් Android 11 සංස්කරණය මීට වඩා වැඩි adoption rate එකක් වාර්ථා කිරීමට සමත් වනු ඇති බව බොහෝ දෙනා විශ්වාස කරනවා.

Android 11 stable සංස්කරණය මීළඟ සැප්තැම්බර් 8 වැනි දින එළිදැක්වීමට Google සමාගම සූදානම් වන ලකුණු
Android 11 සංස්කරණයේ stable version එක නිකුත් කරන ගමන් මාර්ගයේ විවිධ විශේෂඅවස්ථා පිළිබඳව මීට පෙර අපි ඔබව ලිපි කිහිපයකින් ම දැනුවත් කර තිබෙනවා ඔබට මතක ඇති. Google Pixel සහ OnePlus ජංගම දුරකථන සඳහා Android 11 Beta 1 සංස්කරණය නිකුත්කිරීමට කටයුතු කරයිපසුගිය ජුලි 3 වැනි දින නිළ වශයෙන් නිකුත් කිරීමට සූ…

කොහොම නමුත් මෙලෙස Android 11 මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කර ඇති devices ප්‍රමාණය සමස්ථ Android devices ප්‍රමාණයෙන් කොපමණ ප්‍රතිශතයක් ද යන්න පිළිබඳව හෙළි කිරීමට Google සමාගම කටයුතු කර නොමැති අතර, Apple සමාගමේ iOS 13 සංස්කරණය සමස්ථ iOS devices වලින් 81%ක ප්‍රමාණයක ස්ථාපනය කර ඇති බව Apple සමාගම පෙන්වා දෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Android Blog අඩවිය, The Verge වෙබ් අඩවිය සහ GSM Arena වෙබ් අඩවිය භාවිතා කළ හැක.